Monday, July 18, 2022

0 RouteNote ගැන ඔබ දැන ගත යුතු සියලු දේ

Music Distributors ල ගත්තම AWAL, Horus Music, CDBaby, DistroKid, Tunecore, Amuse සහ RouteNote කියන්නේ ඉතා ප්‍රසිද්ධ ආයතන. මේ අතරින් මම සදහන් කරපු සියලු අවශ්‍යතා සඳහා ඉතාම යෝග්‍ය වන්නේ RouteNote. 
 
 
උඩින් සදහන් කරපු ආයතන සමඟත් මම ගිණුම් විවෘත කරලා කටයුතු කර තියෙනවා. විවිධ අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන අතර, ඒ අතරින් අපිට ආරක්ෂිතයි කියලා නිගමනයකට එන්න පුළුවන් RouteNote. ඕගොල්ලෝ මේ RouteNote, භාවිතා කරල පුරුදු උනාට පස්සේ අවශ්‍ය නම් වෙනත් music distributors ලග සේවාවන් ද ලබාගෙන බලන්න පුළුවන්. 
 
RouteNote වල Register වීමට : Link
 
RouteNote වල වාසි කිහිපයක් මං පහතින් සඳහන් කරන්නම්.
 
  1. කිසිම මුදලක් නොගෙවා අපිට සේවාව හැමදාට ම ලබාගැනීමට හැකිවීම. (Free of Charge)

  2. ඕනෑම කෙනෙක්ට ලියාපදිංචි වීමට හැකි වීම 

  3. US Withholding Tax එකක් රඳවා නොගැනීම

  4. මුදල් නිසි කලට ගෙවීම, වංචා නොකිරීම

  5. ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමකට ම අපේ මුදල් ගෙන්වාගත හැකි වීම
 
 

 
ඉහත ලින්ක් එක භාවිතයෙන් ගිණුම සෑදීමෙන් අනතුරුව, ඕගොල්ලන්ට පහසුවෙන් පුළුවන් වීඩියෝ වල පෙන්වා ඇති ආකාරයට ඕගොල්ලන්ගෙ සින්දුව ප්‍රචාරණය කරගන්න. ඕනෑම මාසෙක ඔබ හම්බ කරන මුදල ඉතිරි දවස් 45 ඇතුළත, ඔබේ ගිණුමට බැර වේ. $50 ක් ඉක්මවූ පසු පහසුවෙන් ඔබට ලංකාවට මුදල ගෙන්වාගැනීමට හැකිවේ. 
Read More...

Monday, October 12, 2020

0 ඇමේසන් ඇෆිලියේට් 0 සිට + ඇමේසන් ඇෆිලියේට් Cash-Out

පසුගිය කාලය පුරාවටම ඔයගොල්ලොන්ට මතක ඇති මම වීඩියෝ 12 කටත් වඩා වැඩි ප්‍රමාණයකින් සහ ලිපි කීපයකින්ම ඔයගොල්ලන්ට කියල දුන්නා කොහොමද මුල ඉදලා amazon affiliate ගිනුමක් හදලා මුදල් උපයන්නේ කියලා. ඊට පස්සේ මම ඒ මුදල් ලංකාවේ බැංකු ගිනුමකට පැය 48ක් ඇතුළත Payoneer පාවිච්චි කරලා ගෙන්න ගන්නෙ කොහොමද කියලා පෙන්නුවා. ඉතින් අද මම මේ ලිපියෙන් ඔයගොල්ලන්ට මේ මුළු ක්‍රියාදාමයම එක රාමුවකට අරන් පෙන්නනවා. 




මේක සම්පූර්ණ නැවත හැරී බැලීමක් කියලත් කියන්න පුළුවන්. අපි ඉගෙන ගත්ත එකින් එක මුල සිට පෙළ ගැසුවොත්,  Amazon Affiliate ගිණුම හැදුවට පස්සේ,

    • ඇමේසන් වෙබ් අඩවි තිබෙන ඕනෑම භාණ්ඩයකට අපිට ඇෆිලියේට් ලින්ක් එකක් කොහොමද හදා ගන්නෙ ?
    •  ලින්ක් එකක් දාන්න හොඳ platforms මොනවද ?
    • Youtube Description එකේ ඇෆිලියේට් ලින්ක් දාන්නෙ කොයි විදිහටද, වෙබ් සයිට් එකක පෝස්ට් එකේ මොන විදිහටද දාන්නෙ ?
    • එකෙක භාණ්ඩවලට හමුවෙන කමිෂන් ප්‍රමාණ මොනවද ?
    • ලින්ක් ශෙයාර් කරන්න සාම්ප්‍රදායික ක්‍රම වලින් ඔබ්බට ගිය වඩාත්ම සාර්ථක ක්‍රම මොනවද ?
    • ඇමේසන් ගිණුමයි Payoneer එකයි සම්බන්ධ කරන්නේ කොහොමද, ඒ වගේම Payoneer ගිණුමයි ලංකාවේ බැංකු ගිණුමයි සම්බන්ධ කරන්නේ කොහොමද ?
    • Real-Time Withdrawal
    • ඇමේසන් වලින් ඔයාට පණ වන Tax ප්‍රතිශතය 0.0% කරගන්නෙ කොහොමද ?
    • ඇමේසන් වලදී අනිවාර්යෙන් නොකල යුතු දේවල් මොනවද ?
    • ඇමේසන් Locales පාවිච්චි කරලා අපේ ආදායම පස් ගුණයකටත් වඩා වැඩි කරගන්නේ කොහොමද
    • ඇමේසන් ඇෆිලියේට් මාර්කටින්ග් වලට Website එකක් කොහොමද හදන්නේ මුල සිට (0සිට) 
    • ඇමේසන් සේල්ස් වැඩිවෙන විදිහට කොහොමද වෙබ් පෝස්ට් එකක් හරියටම හදන්නේ
    • Genius Link වලින් කොහොමද අපි 100% ලාභ ලබන්නේ

වගේ බොහෝමයක් කරුණු ඔයගොල්ලන්ට මගේ Youtube channel එක බැලුව නම් ඉගෙන ගන්න පුළුවන්කම තිබ්බ. 

ඉතින් මේ ඔක්කොම කියලා දෙන සම්පූර්ණ වීඩියෝ එකක් පහලින් මම දාලා තියෙනවා. තව දෙයක් තමයි ගොඩක් අය ඇහුවා යූටියුබ් ගැන වීඩියෝ කරාට පස්සේ කොහොමද Monetization හරියටම ගන්නෙ කියලා මොකද subscribers ලා දාහයි පැය 4000 තිබ්බට වැඩක් නැහැ, YouTube Quality Guidelines පාස්වෙන්න ඔයාගෙ චැනල් එකට බැරිනම්.

ඉතින් මම ඉස්සර හැද ඒක ගැන කරල දාන්න හිතන් ඉන්නව 0 ඉඳලා කොහොමද youtube channel එකක් ගොඩනඟලා monetization අරන් සල්ලි උපයන්නේ කියලා. 
ඒ වගේම Genius Link Course එක කාට හරි කරන්න ඕනිනම් මෙතනින් යන්න : Genius Link




Read More...

Friday, June 12, 2020

2 Amazon Affiliate Cashout to Sri Lankan Bank Account | ඇමේසන් ඇෆිලියේට්ස් සිංහලෙන්

ඔබට මතක ඇති මම ඇමේසන් ගැන ලිපියක්ම ලිව්වා, එකවුන්ට් එකක් හදන්නෙ කොහොමද, link share කරන්නෙ කොහොමද සහ වීඩියෝස් දැම්ම සල්ලි withdraw කරන්න amazon account එකයි Payoneer එකයි link කරන්නෙ කොහොමද කියල. 


         අද මම මේ post එකෙන් ඕගොල්ලන්ට පෙන්නන්නෙ මම මාස කිහිපයක් ඇතුළත සක්‍රීයව ඇමේසන් ලින්ක් වලට traffic යවන්නේ නැතුව මගේ පරණ ට්‍රැෆික් එකින් හම්බ කරපු සල්ලි ලංකාවේ බැංකු ගිනුමට ගෙන්න ගන්න හැටි. 

මෙතනදි මම amazon account එකෙන් පයනියර් එකට direct deposit වෙච්ච සල්ලි pioneer account එකෙන් මගේ bank account එකට withdraw කරනවා. ඒ සල්ලි මිනිත්තු 45 ක් ඇතුළත එකවුන්ට් එකට වැටෙන හැටිත් මෙහි video එකේ අන්තිමට ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන්. එහෙනම් අපි පටන් ගමු.




        මම හිතනවා ඕගොල්ලන්ට මේ කරපු ක්‍රියාදාමය පැහැදිලි වුණා කියලා, මේක මම පෙන්නුවෙ ඔයගොල්ලන්ට මේක අනිවාර්යෙන් කරන්න පුළුවන් කියන අදහස ලබාදෙන්න. ඒ වගේම ලංකාවෙ බැංකුවටම සල්ලි ගෙන්නගන්න පුළුවන් කියලා පෙන්නන්න. ඉදිරියට මම තවත් ලිපි දාන්න බලාපොරොත්තු වෙනවා. එතකං හැමෝටම සුබ දවසක්.

Read More...

Saturday, June 6, 2020

0 How to use High Competition & Low Competition Keywords Correctly : ආදායම වැඩිකරන Keywords [Lesson 2]

මුලින්ම මං ඔයගොල්ලන්ට පැහැදිලි කළ දෙන්න යන්නේ මොකක්ද මේ high competition and low competition keywords කියන්න කියලා. ඒ අවබෝධය ඔයාට ගොඩක් උපකාරී වෙනවා ඔයාගේ වෙබ් සයිට් එකට හරි බ්ලොග් එකට හරි සුදුසුම keywords මොනවද කියලා තීරණය කරන්න සහ වෙබ් අඩවිය ගොඩක් දෙනා අතර ප්‍රචලිත කර ගන්න.


ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක් තමයි හොඳම keywords තෝරගන්නේ කොහොමද කියන එක. මටත් ඔය ප්‍රශ්නේ මුල් කාලෙදි තිබ්බා. සමහරක් දෙනා මේ keywords කියන දේ ගැන හරියට නොදැන එච්චර තැකීමක් නොකර keyword research tools භාවිත කරනවා. 
         
                    වෙන්නේ මොකද්ද දන්නවා ද high competition, low compitition, high paying, low paying, ad index, keyword volume වගේ විශ්ලේෂණාත්මක දත්ත වල සංකලනයන් සමග පැටලිලා කී වර්ඩ් රිසර්ච් එක අත ඇරලා දානවා. ඒක හරිම අපරාධයක්. 

keyword research tools කියන්නේ හරියට පාවිච්චි කළොත් මම ටයිට්ල් එකේ කියලා තියෙනවා වගේ adsense ආදායම දහගුණයක් නෙමෙයි පනස් ගුණයකටත් වඩා ඕනේ නම් වැඩි කරගන්න උදව් කරන මෙවලමක්. ඉතිං ඒක නිසයි මේ ලිපි මාලාව මම ලියන්න හිතුවේ. පලවෙනි ලිපියෙන් ඕගොල්ලන්ට මම මූලික අදහසක් ලබා දුන්නා keywords ගෙන. ඒ නිසා දැන් බලමු high competition, low competition keywords කියන්නේ මොනවාද කියලයි ඒව අපි ආදායම වැඩි කරගන්න නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද කියලා.


High Competition Keywords


Advertisers ලා තමන්ගේ වෙබ් අඩවියෙන් සපයන සේවාවන් වැඩි පිරිසකට සපය ගන්න හරි තමං විකුණන භාණ්ඩයක් නියතවශයෙන්ම මිලදී ගනියි කියලා සිතන පාරිභෝගිකයන් පිරිසක් ඉලක්ක කරගන්න හරි භාවිත කරන keywords වලට තමයි high competition keywords කියන්නේ. අපි උදාහරණයකින් මේක තේරුම් ගමු

Affiliate marketing ගැන සර්ච් කරොත් google keyword planner එකේ අපිට ඊට සම්බන්ධ keyword ideas රාශියක් හම්බෙනවා. ඒ අතර මට හම්බෙච්ච ටිකක් පහල photo එකේ තියෙනවා. 

                     ඕගොල්ලන්ට එකේ බැලුවොත් පේනවා 'Affiliate' කියන වචනය පමණක් මූලික වෙච්ච keywords වල competition එක Low කියලා. ' affiliate 2019, rakuten affiliate, travelstart affiliate' වගේ keywords වල. හැබැයි ඔයගොල්ලන්ට බැලුවොත් පේනවා 'automated affiliate marketing software' කියන්නේ high competition keyword එකක්. හේතුව තමයි ඒ keyword එක marketing වලදී advertisers ලාට හොඳට sales ගෙනල්ල දෙන keyword එකක් වෙන එක. ඒක ගොඩක් broad නැහැ ඒක specific & narrow.


ඔයගොල්ලන්ට පේනවා ඇති bid එකත් වැඩියි කියලා සාමාන්‍යයෙන් high competition keywords වල.


Use of High Competition Keywords


මම මුලින් කිව්ව වගේ high competition keywords භාවිත කරන්නේ ගොඩක්ම ad campaigns වල. තමන් විකුණන දේට ගොඩක් සේල්ස් ගන්න තමයි ඒ. මම පොඩි දෙයක් ඕගොල්ලන්ට මෙතනදි පැහැදිලි කරන්නම්. 

                අපි හැමෝම දන්න google ads පල කරන්නේ google adwords වලින්. adwords වලට සම්බන්ධයි double click කියලා ad module එකක්. මේක හරහා පුළුවන් auction ads පළ කරන්න. ඒ කියන්නේ ලංසු තියලා ඉහළම ලංසුවට ad rankings වල ඉහළම රෑන්ක් එක දෙනවා. මේ rank එක ගන්නකොට සලකන ප්‍රධාන දෙයක් තමයි advertiser කෙනෙක් එක click එකට කොපමණ මුදලක් ගෙවන්න සූදානම් ද යන වග. 

අපිට සරලව බැලුවොත් තේරුම් ගන්න පුළුවන්, ඉහල මුදලක් bid කරන කෙනාට ඉහල රෑන්ක් එකක් හම්බෙනවා. එතකොට වෙන්නේ high compitition keywords තියෙනවනේ, ඒ keywords තියන වෙබ් සයිට් වල ප වෙන්නේ ඉහල රෑන්ක් එකක් ගත්ත advertiser ගෙ ads. ඔය high competition keywords තියෙන්නෙ ගොඩක්ම ඉහළ ගණයේ වෙබ් අඩවි සහ බ්ලොග් වල. ඒවට එන ට්‍රැෆික් එක්ත් වැඩියි වගේම Quality ට්‍රැෆික් එකක් එන්නෙ. ඒ කියන්නේ භාණ්ඩයක් හරි සේවාවක් හරි මිලදී ගන්න වැඩි නැඹුරුතාවක් දක්වන ට්‍රැෆික් එකක් තමයි ඒ සයිට් වලට එන්නෙ. ඒක නිසා තමයි advertisers ලා ගොඩක් ඒ සයිට් වල තමන්ගේ ads පළ කර ගන්න උත්සාහ කරන්නේ. ඉතින් එතැනදී ඇතිවන තරගයේ දී මූලික ස්ථානයක් ලැබෙන්න තමන් වියදම් කරන ගාන බලපානවා. 

                අපිට මේ high paying keywords වැදගත් වෙන්නේ අපේ site එකටත් quality traffic එනවනං. එතකොට අපේ සයිට් එකේ අර ad පල වෙන සම්භාවිතාව වැඩි වෙනවා. එතකොට අපිට ලැබෙන ad CPC අගයන් වැඩි වෙනවා ගොඩක්. නමුත් අපි ඉහළ ගණයේ වෙබ් අඩවි හිමිකරුවෙක් නෙමේ නම් high paying keywords අරමුණු කරගෙන ලිපි ලිවීම ගොඩක්ම සාර්ථක වෙන සම්භාවිතාව අඩුයි. 


Low Competition Keywords


Low competition keywords කියන්නේ අඩු තරඟකාරිත්වයක් ඇති keywords වලට. හේතුව තමයි ad campaigns run කරන marketers ල මේ keywords භාවිතා නොකිරීම. වෙන කිසිම හේතුවක් නෑ. නමුත් මේවා වටිනාකමක් නැති keywords නෙමෙයි. ඔයා අලුත් blogger කෙනෙක් නං, අලුතින් සයිට් එකක් ලියනවා නං ඔයාට ගොඩක් ම වැදගත් වෙන්නේ මේ low competition keywords. ඔයා SEO ගැන සැලකිල්ලක් දක්වනවා නම් ඒ වගේම SERP (Search Engine Result Pages) තුළ ඔයාගේ සයිට් එක මුල් rankings වලට ගේන්න ඕනේ නම් ඔයා focusකරන්න ඕනි මෙ low competition keywords. බොහෝ වෙලාවට low competition keywords වලට තියෙන search volume එක ගොඩක් වැඩියි. ඒ නිසා ඒව ෆෝකස් කළා ඔයා ලිපි ලිව්වා ඔයාගේ site එකට එන traffic එක වැඩි.


Tip : හැමවිටම උත්සාහ ගන්න ඔයාගේ niche/industry එකට අදාල low competition keywords භාවිතා කරන්න. ගොඩක් ලොකුවට generalize වෙන keywords නැතුව ඔයාගේ content එක specify වෙන keywords භාවිත කරන්න.


Use of Low Competition Keywords


Low competition keywords තමයි Search engine results තුළ rankings ගන්න තියෙන මූලිකම විදිය. ඕගොල්ලන්ට ඒව target කරලා rankings වගේම ඔයාගේ ඕඩියන්ස් එකත් වැඩි කරගන්න පුලුවන්. ඔයාට අලුත් බ්ලොග් එකක් තිබ්බත් website එකක් තිබ්බත් ඒක රෑන්ක් වල උඩට ගන්නයි මිනිස්සු අතර ප්‍රචාරය කර ගන්නයි ඕනි නම් low competition keywords වලින් පටන් ගන්න. ඒක තමයි හොඳම organic විදිහ ඔයාගේ වෙබ් සයිට් එකේ ඕඩියන්ස් එක වැඩි කරගන්න. එහි වගේම ඔයා සයිට් එකට අදාල SEO හරියට කරොත් ඔයාට high-ranking keywords වලත් rankings තුළ ඉබේම උඩට එන්න පුළුවන්. low competition keywords වල හොඳ රිසල්ට් ආපු හැටියේ ඔයාට පුළුවන් high competition keywords focus කරමින් ඔයාගේ හැකියාවන් තවත් වැඩි දියුණු කර ගන්න.

            අවසාන වශයෙන් ලියන්න තියෙන්නේ මේ High Competition & Low Competition keywords පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබා ගැනීම ඔයාගේ සයිට් එක SEO තුළ හොඳ ප්‍රතිඵල ළඟා කර කර හේතු වෙනව වගේම ඔයා ගන්න පුළුවන් මුදල් ප්‍රමාණයක් සැලකිය යුතු ලෙස වැඩි වෙනවා. අදට ලිපිය මෙතනින් නවත්වනවා. ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න පහලින් comment කරන්න. ඊලග ලිපියෙන් තවත් ටිකක් ගැඹුරට සහ ඉදිරියට අපි මේ ගැන හදාරමු.
Read More...

Saturday, May 16, 2020

0 Adsense ආදායම 10x වැඩිකරන Keywords : මුල සිට සරලව [Lesson 1]

Keyword එකක් කියන්නේ සරලව කිව්වොත් ඔයා වෙබ් සයිට් එකේ පලකල ලිපියෙහි හරි, YouTube විඩියෝවෙහි හරි අන්තර්ගතය හොඳින්ම විස්තර කරන වචනයක්.


What is a Keyword?


මොකක් හරි වෙබ් පිටුවක ඔයාගෙ වෙබ් අඩවිය ඉහල රෑන්ක් එකක්, Search Results වල ඉහලට ගෙන්න ගන්න ඕනිනම් ඒකට ඔයාට උදව්වෙන්න්නේ ඔය Keyword කියන සෙවුම් පදය. ඒ නිසා මිනිසුන් ගූගල් හෝ වෙනත් සෙවුම් යන්ත්‍රවල එ Keyword එක හෝ Search Term/Phrase එක සොයන විට, ඒගොල්ලන්ට ඔයාගේ වෙබ් සයිට් එක ඒකෙ හම්බෙන්න පටන් ගන්නවා. ඒ නිසා හොඳ ට්‍රැෆික් එකක් වෙබ් සයිට් එකට එනවා.



ඔයාගෙ Site එක ලිපියක් ලියන්න හරි, යූටියුබ් වීඩියෝ එකක් හදන්න පටන්ගන්නකොට හරි  Keyword එකක් ඔයාට තෝරගන්න වෙනවා (නිකං හිතන්න ප්‍රධාන මාතෘකාවෙ හරය කියලා) එහෙම තෝරගන්න කොට ඔයා මේ කරුණු තුන පිළිබඳව අනිවාර්යෙන්ම සැලකිලිමත් වියයුතු වෙනවා


    1. ඔයාගෙ ලිපි හරි වීඩියෝ හරි මිනිස්සු දකින්න ඕනි මොනවගැන සර්ච් කලොත්ද ?
    2. ඔයාගේ ලිපිය වගේ කරුණු හොයන්න මිනිස්සු මොන වගේ වචන භාවිතා කරයිද, සර්ච් කරයිද කියල ඔයා හිතන්නේ ?
    3. එහේම් සර්ච් ටර්ම් එකක් ගැහුවම එන අනුමාන පද (related search results) මොන වගේ වෙයි කියලද ඔයා හිතන්නේ ?


අපි නිතරම ‘Keyword’ යන වචනය භාවිතා කලා; හැබැයි මේකෙන් අදහස් වෙන්න්නෙ නෑ,  එය එක් වචනයකින් පමණක් සමන්විත බවයි. ගොඩක් වෙලාවට Keyword එකක් වචන කීපයකින්, දෙක තුනකින්  සමන්විත වෙනවාඒ නිසා Keyword ගැන කතා කරන විට, බොහෝ විට අපි අදහස් කරන්නේ එක් වචනයක් වෙනුවට වාක්‍ය ඛණ්ඩයකි.



Why are Keywords Important?


පිටුවක් ශ්‍රේණිගත කිරීමේදී Google Search Engine එක බලන එක් කරුණක් වන්නේ එම පිටුවේ අන්තර්ගතයයි. එය පිටුවේ ඇති වචන දෙස බලයි. ඔබ භාවිතා කරන වචන Google Web Crawlers සඳහා ඉඟි වේ; Keywords ගූගල් සහ වෙනත් සෙවුම් යන්ත්‍රවලට ඔයාගේ පිටුව, වීඩියෝ හෝ සටහන ගැන කියයි. එබැවින් ඔයගේ ලිපියෙ ලියලා තියෙන දේ ගූගල් එකට හරියට තේරුම් ගන්න ඉඩ සලස්වන්න ඕනි නම් , ඔබ Keyword/Phrase බොහෝ විට භාවිතා කළ යුතුය.


                නමුත් Keyword වැදගත් වීමට එකම හේතුව Google Page rank නොවේ. ඇත්ත වශයෙන්ම, එය අඩු වැදගත්කමක් දරයි, ඇත්තටම ඔයා සැමවිටම Reader කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඔබේ අමුත්තන් සහ අනාගත සේවාදායකයින් වෙත. SEO සමඟ ඔබට අවශ්‍ය වන්නේ යම් Keyword එකක් හෝ Phrase එකක් භාවිතා කරන විට පුද්ගලයින් ඔබේ වෙබ් අඩවියට පිවිසීමයි. ඔයාගේ රීඩර්ස්ලගේ ඔළුව ඇතුලට ගිහින් (Think about what they will think) ඒගොල්ලො මොනවගේ වචන භාවිතා කරයිද කියලා හිතලා ඒවගේ ඒවා ඔයාගේ ලිපියෙ හරි වීඩියෝ එකේ හරි යොදා ගන්න පුලුවන්.



How to Use Keywords Correctly?


පළමුවෙන්ම හා ප්‍රධාන වශයෙන්, ඔබේ අන්තර්ගතය කියවීමට පහසු වීම ඉතා වැදගත් වේ. ඇත්ත වශයෙන්ම, ඔයා ඔයාගේ අන්තර්ගත්යේ Keywords භාවිතා කළ යුතුය, නමුත් සෑම වාක්‍යයකම ඒවා පුරවන්න එපා. පොදුවේ ගත් කල, ඔබගේ පිටපතෙහි ඇති සියලුම වචන වලින් 1 හෝ 2% ඔයාගේ Keywords නම්, ඔයා ඒක ඉක්මවා ගිහින් නෑ. ඒවා සියල්ලම ඔයාගේ Content එක පුරා හොඳින් බෙදාලා තියාගන්න කටයුතු කරන්න. ඔයා තෝරගත්ත ඔක්කොම Keywords එකම ඡේදයක් ඇතුලේ දාන්න එපා. ස්වාභාවිකවම ඒවා ඔබේ පිටුව හෝ සටහන පුරා පැතිරෙන්න ඉඩහරින්න. ඔයාගේ ලිපියේ වචන ගාන අනුව හෝ හදන වීඩියෝ එකේ දිග අනුව Keyword ටයිට්ල් එකට අමතරව තව මයිනර් ටයිට්ල්ස් වල හෝ වීඩියෝ එක මැද පාවිච්චි කරනවද කියලා හිතලා බලන්න ඕනි. එය ඔබගේ  මාතෘකාව, පළමු ඡේදය සහ ඔබේ Meta Description තුළ භාවිතා කරන්න.




                දැන් ඕගොල්ලන්ට Keyword කියන්නේ මොකද්ද කියලා මූලික අදහසක් තියෙනවා කියලා මම හිතනවා. මම වීඩියෝ එකකුත් කරලා දාන්නම්. ඊලඟ පෝස්ට් එකෙන් High Competition, Low Competition Keywords කියන්නේ මොනවද වගේම High Paid, Low Paid Keywords කියන්නෙ මොනවද කියලත්, වීඩියෝ එකකින් වැඩිම මුදලක් උපයගන්න පුලුවන් Keywords හොයාගන්නේ කොහොමද කියලත් පෙන්වන්නම්.
Read More...

Monday, September 2, 2019

2 Amazon Affiliate මගින් දිනකට රු.30,000 සිට රු.180,000 දක්වා උපයන්න ඉගෙනගන්න : How to Share Amazon Affiliate Links in a Smart Way

කලින් ලිපි දෙකේදි ඕගොල්ලන්ට මම කියලා දුන්නා, ඇමේසන් ඇෆිලියෙට් අකවුන්ට් එකක් හදාගන්න හැටියි, ලින්ක්ස් හදාගන්න හැටියි. ගොඩක් අය ඊට පස්සෙ අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි, මම ඒ ලින්ක් කොහෙද දැම්මේ කියලයි, කොහොමද ඒ ලින්ක් වලට ට්‍රැෆික් ගෙන්න ගන්නේ කියලයි. 





අද පෝස්ට් එකෙන් මම සම්පූර්ණයෙන්ම කියලා දෙන්න යන්නේ, මම අනුගමනය කරපු ක්‍රම දෙකකුයි තව පට්ට ක්‍රමේකුයි, ගොඩක් පැහැදිලි කරන්න තියෙන හින්දා මම වීඩියෝ එකක් ගැහුවා, එකක් කිව්වට වෙලා ගොඩක් ගිය නිසා දෙකක් උනා. පහලින් මම විඩියෝ දාන්නම් බලලා තේරුම් අරන් ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් කරන්න, නැත්තම් මට ඊමේල් කරන්න.


                          


Read More...

Saturday, November 24, 2018

0 98 % OFF on Domains, Hosting and SSL with Namecheap! : Namecheap හොස්ටින්ග් ලොව කලඹයි

අද අද දවසේ දෙවැනි Black Friday to Cyber Monday ඩීල් එක සමග තමයි ඔයගොල්ලො එකතු වෙන්නේ. Namechep ලා ඒගොල්ලන්ගෙ coupons එළියට දාලා තියෙනව. හැබැයි මේක අමුතුම විදිහකට සිදුවෙන offers සෙට් එකක් මම ඕගොල්ලන්ට 98% ටත් දක්වා offers හම්බෙන open code එකයි link එකයි දෙනවා ඕගොල්ලො එකෙන් ගියාම ඕගොල්ලන්ව landing page එකකට අරගෙන යනවා ඒ කිසි ඕගොල්ලන්ට ගේම් එකක් ප්ලේ කරන්න තියෙනවා ඇගේ මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක් කාල ප්‍රාන්තර තියෙනවා පැය බැගින්, හැම එකක්ම 90% ඉක්මවපු offers යගොල්ලන්ට තියෙන අදාළ කාල ප්‍රාන්තර යෙදී Offers sold out වෙන්න කලින් අල්ලගන්න එක. මම පියවර කිහිපයකින් මේක පැහැදිලි කරන්නම්. 




  •  මුලින්ම ලින්ක් එකෙන් ඕගොල්ලෝ යන්න page එකට. 
    Save up to 98% on Domains, Hosting and SSL with Namecheap!

  • ඊට පස්සේ ඒ page එකේ තියෙන Go to Deals Central Click කරන්න

  • එතකොට ඕගොල්ලන්ට account එකක් නැත්නම් ඒගොල්ලෝ sign up page එකට එක්කන් යයි ඔයගොල්ලන්ට තියෙන්නෙ තන sign-up වෙන්න ිසිම ගෙවීමක් කරන්න අවශ්‍ය නෑ නිකන් register වෙන්න විතරයි තියෙන්නේ 

  • එහෙම register වෙලා ඒ වැඩ කටයුතු ඉවර වුණ ගමන් Deals Central එකට එක්කන් යයි .

  • එතන පෙන්වනවා ඒ පැය ඇතුළත පවතින deals, ඔයාට තියෙන්නේ ඒවා අල්ලගෙන ඔයගොල්ලො අල්ල ගත්ත වෙලාවෙන් පැය 48 ක් ඇතුළත ඒ කූපන් එක යොදාගෙන ඔයාට අවශ්‍ය දේ මිලදී ගන්න එකයි.

මෙන්න ලින්ක් එක නැවත Epic Black Friday Savings - Up to 98% Off!


මෙතනදි ටිකක් ඉක්මනට වැඩ කරන්න වෙනවා. ඕගොල්ලන්ගෙ වේගවත් බව මත තමයි ඔයගොල්ලන්ට කොච්චර coupons එකතු කරගන්න පුළුවන්ද වෙන එක තීරණය වෙන්නේ. 

               දෙවැනි ලිපිය මෙතනින් නවත්වනවා Hosting විතරක් නෙමේ තවත් ගොඩක් services වල coupons ඇවිල්ල තියනවා, ඒ වගේ දී ඕගොල්ලො සැපිරිය යුතු කරුණුත්, ඒ offers claim කරන හැටිත් මම කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.

************************************************************************************

මමත් දැන් ගිහිල්ල time කරල coupons sold out වෙන්න කලින් ගත්තා පලවෙනි කූපන් 1 මිනිත්තු දෙකක් ඇතුළත ඉවර වුනා. Coupons පන්දහක් තියෙනවා දෙවෙනි එකේ තව ඉතුරුවෙලා තියෙන 2700 විතර.



Read More...