Showing posts with label Blogging. Show all posts
Showing posts with label Blogging. Show all posts

Saturday, June 6, 2020

0 How to use High Competition & Low Competition Keywords Correctly : ආදායම වැඩිකරන Keywords [Lesson 2]

මුලින්ම මං ඔයගොල්ලන්ට පැහැදිලි කළ දෙන්න යන්නේ මොකක්ද මේ high competition and low competition keywords කියන්න කියලා. ඒ අවබෝධය ඔයාට ගොඩක් උපකාරී වෙනවා ඔයාගේ වෙබ් සයිට් එකට හරි බ්ලොග් එකට හරි සුදුසුම keywords මොනවද කියලා තීරණය කරන්න සහ වෙබ් අඩවිය ගොඩක් දෙනා අතර ප්‍රචලිත කර ගන්න.


ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක් තමයි හොඳම keywords තෝරගන්නේ කොහොමද කියන එක. මටත් ඔය ප්‍රශ්නේ මුල් කාලෙදි තිබ්බා. සමහරක් දෙනා මේ keywords කියන දේ ගැන හරියට නොදැන එච්චර තැකීමක් නොකර keyword research tools භාවිත කරනවා. 
         
                    වෙන්නේ මොකද්ද දන්නවා ද high competition, low compitition, high paying, low paying, ad index, keyword volume වගේ විශ්ලේෂණාත්මක දත්ත වල සංකලනයන් සමග පැටලිලා කී වර්ඩ් රිසර්ච් එක අත ඇරලා දානවා. ඒක හරිම අපරාධයක්. 

keyword research tools කියන්නේ හරියට පාවිච්චි කළොත් මම ටයිට්ල් එකේ කියලා තියෙනවා වගේ adsense ආදායම දහගුණයක් නෙමෙයි පනස් ගුණයකටත් වඩා ඕනේ නම් වැඩි කරගන්න උදව් කරන මෙවලමක්. ඉතිං ඒක නිසයි මේ ලිපි මාලාව මම ලියන්න හිතුවේ. පලවෙනි ලිපියෙන් ඕගොල්ලන්ට මම මූලික අදහසක් ලබා දුන්නා keywords ගෙන. ඒ නිසා දැන් බලමු high competition, low competition keywords කියන්නේ මොනවාද කියලයි ඒව අපි ආදායම වැඩි කරගන්න නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද කියලා.


High Competition Keywords


Advertisers ලා තමන්ගේ වෙබ් අඩවියෙන් සපයන සේවාවන් වැඩි පිරිසකට සපය ගන්න හරි තමං විකුණන භාණ්ඩයක් නියතවශයෙන්ම මිලදී ගනියි කියලා සිතන පාරිභෝගිකයන් පිරිසක් ඉලක්ක කරගන්න හරි භාවිත කරන keywords වලට තමයි high competition keywords කියන්නේ. අපි උදාහරණයකින් මේක තේරුම් ගමු

Affiliate marketing ගැන සර්ච් කරොත් google keyword planner එකේ අපිට ඊට සම්බන්ධ keyword ideas රාශියක් හම්බෙනවා. ඒ අතර මට හම්බෙච්ච ටිකක් පහල photo එකේ තියෙනවා. 

                     ඕගොල්ලන්ට එකේ බැලුවොත් පේනවා 'Affiliate' කියන වචනය පමණක් මූලික වෙච්ච keywords වල competition එක Low කියලා. ' affiliate 2019, rakuten affiliate, travelstart affiliate' වගේ keywords වල. හැබැයි ඔයගොල්ලන්ට බැලුවොත් පේනවා 'automated affiliate marketing software' කියන්නේ high competition keyword එකක්. හේතුව තමයි ඒ keyword එක marketing වලදී advertisers ලාට හොඳට sales ගෙනල්ල දෙන keyword එකක් වෙන එක. ඒක ගොඩක් broad නැහැ ඒක specific & narrow.


ඔයගොල්ලන්ට පේනවා ඇති bid එකත් වැඩියි කියලා සාමාන්‍යයෙන් high competition keywords වල.


Use of High Competition Keywords


මම මුලින් කිව්ව වගේ high competition keywords භාවිත කරන්නේ ගොඩක්ම ad campaigns වල. තමන් විකුණන දේට ගොඩක් සේල්ස් ගන්න තමයි ඒ. මම පොඩි දෙයක් ඕගොල්ලන්ට මෙතනදි පැහැදිලි කරන්නම්. 

                අපි හැමෝම දන්න google ads පල කරන්නේ google adwords වලින්. adwords වලට සම්බන්ධයි double click කියලා ad module එකක්. මේක හරහා පුළුවන් auction ads පළ කරන්න. ඒ කියන්නේ ලංසු තියලා ඉහළම ලංසුවට ad rankings වල ඉහළම රෑන්ක් එක දෙනවා. මේ rank එක ගන්නකොට සලකන ප්‍රධාන දෙයක් තමයි advertiser කෙනෙක් එක click එකට කොපමණ මුදලක් ගෙවන්න සූදානම් ද යන වග. 

අපිට සරලව බැලුවොත් තේරුම් ගන්න පුළුවන්, ඉහල මුදලක් bid කරන කෙනාට ඉහල රෑන්ක් එකක් හම්බෙනවා. එතකොට වෙන්නේ high compitition keywords තියෙනවනේ, ඒ keywords තියන වෙබ් සයිට් වල ප වෙන්නේ ඉහල රෑන්ක් එකක් ගත්ත advertiser ගෙ ads. ඔය high competition keywords තියෙන්නෙ ගොඩක්ම ඉහළ ගණයේ වෙබ් අඩවි සහ බ්ලොග් වල. ඒවට එන ට්‍රැෆික් එක්ත් වැඩියි වගේම Quality ට්‍රැෆික් එකක් එන්නෙ. ඒ කියන්නේ භාණ්ඩයක් හරි සේවාවක් හරි මිලදී ගන්න වැඩි නැඹුරුතාවක් දක්වන ට්‍රැෆික් එකක් තමයි ඒ සයිට් වලට එන්නෙ. ඒක නිසා තමයි advertisers ලා ගොඩක් ඒ සයිට් වල තමන්ගේ ads පළ කර ගන්න උත්සාහ කරන්නේ. ඉතින් එතැනදී ඇතිවන තරගයේ දී මූලික ස්ථානයක් ලැබෙන්න තමන් වියදම් කරන ගාන බලපානවා. 

                අපිට මේ high paying keywords වැදගත් වෙන්නේ අපේ site එකටත් quality traffic එනවනං. එතකොට අපේ සයිට් එකේ අර ad පල වෙන සම්භාවිතාව වැඩි වෙනවා. එතකොට අපිට ලැබෙන ad CPC අගයන් වැඩි වෙනවා ගොඩක්. නමුත් අපි ඉහළ ගණයේ වෙබ් අඩවි හිමිකරුවෙක් නෙමේ නම් high paying keywords අරමුණු කරගෙන ලිපි ලිවීම ගොඩක්ම සාර්ථක වෙන සම්භාවිතාව අඩුයි. 


Low Competition Keywords


Low competition keywords කියන්නේ අඩු තරඟකාරිත්වයක් ඇති keywords වලට. හේතුව තමයි ad campaigns run කරන marketers ල මේ keywords භාවිතා නොකිරීම. වෙන කිසිම හේතුවක් නෑ. නමුත් මේවා වටිනාකමක් නැති keywords නෙමෙයි. ඔයා අලුත් blogger කෙනෙක් නං, අලුතින් සයිට් එකක් ලියනවා නං ඔයාට ගොඩක් ම වැදගත් වෙන්නේ මේ low competition keywords. ඔයා SEO ගැන සැලකිල්ලක් දක්වනවා නම් ඒ වගේම SERP (Search Engine Result Pages) තුළ ඔයාගේ සයිට් එක මුල් rankings වලට ගේන්න ඕනේ නම් ඔයා focusකරන්න ඕනි මෙ low competition keywords. බොහෝ වෙලාවට low competition keywords වලට තියෙන search volume එක ගොඩක් වැඩියි. ඒ නිසා ඒව ෆෝකස් කළා ඔයා ලිපි ලිව්වා ඔයාගේ site එකට එන traffic එක වැඩි.


Tip : හැමවිටම උත්සාහ ගන්න ඔයාගේ niche/industry එකට අදාල low competition keywords භාවිතා කරන්න. ගොඩක් ලොකුවට generalize වෙන keywords නැතුව ඔයාගේ content එක specify වෙන keywords භාවිත කරන්න.


Use of Low Competition Keywords


Low competition keywords තමයි Search engine results තුළ rankings ගන්න තියෙන මූලිකම විදිය. ඕගොල්ලන්ට ඒව target කරලා rankings වගේම ඔයාගේ ඕඩියන්ස් එකත් වැඩි කරගන්න පුලුවන්. ඔයාට අලුත් බ්ලොග් එකක් තිබ්බත් website එකක් තිබ්බත් ඒක රෑන්ක් වල උඩට ගන්නයි මිනිස්සු අතර ප්‍රචාරය කර ගන්නයි ඕනි නම් low competition keywords වලින් පටන් ගන්න. ඒක තමයි හොඳම organic විදිහ ඔයාගේ වෙබ් සයිට් එකේ ඕඩියන්ස් එක වැඩි කරගන්න. එහි වගේම ඔයා සයිට් එකට අදාල SEO හරියට කරොත් ඔයාට high-ranking keywords වලත් rankings තුළ ඉබේම උඩට එන්න පුළුවන්. low competition keywords වල හොඳ රිසල්ට් ආපු හැටියේ ඔයාට පුළුවන් high competition keywords focus කරමින් ඔයාගේ හැකියාවන් තවත් වැඩි දියුණු කර ගන්න.

            අවසාන වශයෙන් ලියන්න තියෙන්නේ මේ High Competition & Low Competition keywords පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබා ගැනීම ඔයාගේ සයිට් එක SEO තුළ හොඳ ප්‍රතිඵල ළඟා කර කර හේතු වෙනව වගේම ඔයා ගන්න පුළුවන් මුදල් ප්‍රමාණයක් සැලකිය යුතු ලෙස වැඩි වෙනවා. අදට ලිපිය මෙතනින් නවත්වනවා. ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න පහලින් comment කරන්න. ඊලග ලිපියෙන් තවත් ටිකක් ගැඹුරට සහ ඉදිරියට අපි මේ ගැන හදාරමු.
Read More...

Saturday, May 16, 2020

0 Adsense ආදායම 10x වැඩිකරන Keywords : මුල සිට සරලව [Lesson 1]

Keyword එකක් කියන්නේ සරලව කිව්වොත් ඔයා වෙබ් සයිට් එකේ පලකල ලිපියෙහි හරි, YouTube විඩියෝවෙහි හරි අන්තර්ගතය හොඳින්ම විස්තර කරන වචනයක්.


What is a Keyword?


මොකක් හරි වෙබ් පිටුවක ඔයාගෙ වෙබ් අඩවිය ඉහල රෑන්ක් එකක්, Search Results වල ඉහලට ගෙන්න ගන්න ඕනිනම් ඒකට ඔයාට උදව්වෙන්න්නේ ඔය Keyword කියන සෙවුම් පදය. ඒ නිසා මිනිසුන් ගූගල් හෝ වෙනත් සෙවුම් යන්ත්‍රවල එ Keyword එක හෝ Search Term/Phrase එක සොයන විට, ඒගොල්ලන්ට ඔයාගේ වෙබ් සයිට් එක ඒකෙ හම්බෙන්න පටන් ගන්නවා. ඒ නිසා හොඳ ට්‍රැෆික් එකක් වෙබ් සයිට් එකට එනවා.



ඔයාගෙ Site එක ලිපියක් ලියන්න හරි, යූටියුබ් වීඩියෝ එකක් හදන්න පටන්ගන්නකොට හරි  Keyword එකක් ඔයාට තෝරගන්න වෙනවා (නිකං හිතන්න ප්‍රධාන මාතෘකාවෙ හරය කියලා) එහෙම තෝරගන්න කොට ඔයා මේ කරුණු තුන පිළිබඳව අනිවාර්යෙන්ම සැලකිලිමත් වියයුතු වෙනවා


    1. ඔයාගෙ ලිපි හරි වීඩියෝ හරි මිනිස්සු දකින්න ඕනි මොනවගැන සර්ච් කලොත්ද ?
    2. ඔයාගේ ලිපිය වගේ කරුණු හොයන්න මිනිස්සු මොන වගේ වචන භාවිතා කරයිද, සර්ච් කරයිද කියල ඔයා හිතන්නේ ?
    3. එහේම් සර්ච් ටර්ම් එකක් ගැහුවම එන අනුමාන පද (related search results) මොන වගේ වෙයි කියලද ඔයා හිතන්නේ ?


අපි නිතරම ‘Keyword’ යන වචනය භාවිතා කලා; හැබැයි මේකෙන් අදහස් වෙන්න්නෙ නෑ,  එය එක් වචනයකින් පමණක් සමන්විත බවයි. ගොඩක් වෙලාවට Keyword එකක් වචන කීපයකින්, දෙක තුනකින්  සමන්විත වෙනවාඒ නිසා Keyword ගැන කතා කරන විට, බොහෝ විට අපි අදහස් කරන්නේ එක් වචනයක් වෙනුවට වාක්‍ය ඛණ්ඩයකි.



Why are Keywords Important?


පිටුවක් ශ්‍රේණිගත කිරීමේදී Google Search Engine එක බලන එක් කරුණක් වන්නේ එම පිටුවේ අන්තර්ගතයයි. එය පිටුවේ ඇති වචන දෙස බලයි. ඔබ භාවිතා කරන වචන Google Web Crawlers සඳහා ඉඟි වේ; Keywords ගූගල් සහ වෙනත් සෙවුම් යන්ත්‍රවලට ඔයාගේ පිටුව, වීඩියෝ හෝ සටහන ගැන කියයි. එබැවින් ඔයගේ ලිපියෙ ලියලා තියෙන දේ ගූගල් එකට හරියට තේරුම් ගන්න ඉඩ සලස්වන්න ඕනි නම් , ඔබ Keyword/Phrase බොහෝ විට භාවිතා කළ යුතුය.


                නමුත් Keyword වැදගත් වීමට එකම හේතුව Google Page rank නොවේ. ඇත්ත වශයෙන්ම, එය අඩු වැදගත්කමක් දරයි, ඇත්තටම ඔයා සැමවිටම Reader කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඔබේ අමුත්තන් සහ අනාගත සේවාදායකයින් වෙත. SEO සමඟ ඔබට අවශ්‍ය වන්නේ යම් Keyword එකක් හෝ Phrase එකක් භාවිතා කරන විට පුද්ගලයින් ඔබේ වෙබ් අඩවියට පිවිසීමයි. ඔයාගේ රීඩර්ස්ලගේ ඔළුව ඇතුලට ගිහින් (Think about what they will think) ඒගොල්ලො මොනවගේ වචන භාවිතා කරයිද කියලා හිතලා ඒවගේ ඒවා ඔයාගේ ලිපියෙ හරි වීඩියෝ එකේ හරි යොදා ගන්න පුලුවන්.



How to Use Keywords Correctly?


පළමුවෙන්ම හා ප්‍රධාන වශයෙන්, ඔබේ අන්තර්ගතය කියවීමට පහසු වීම ඉතා වැදගත් වේ. ඇත්ත වශයෙන්ම, ඔයා ඔයාගේ අන්තර්ගත්යේ Keywords භාවිතා කළ යුතුය, නමුත් සෑම වාක්‍යයකම ඒවා පුරවන්න එපා. පොදුවේ ගත් කල, ඔබගේ පිටපතෙහි ඇති සියලුම වචන වලින් 1 හෝ 2% ඔයාගේ Keywords නම්, ඔයා ඒක ඉක්මවා ගිහින් නෑ. ඒවා සියල්ලම ඔයාගේ Content එක පුරා හොඳින් බෙදාලා තියාගන්න කටයුතු කරන්න. ඔයා තෝරගත්ත ඔක්කොම Keywords එකම ඡේදයක් ඇතුලේ දාන්න එපා. ස්වාභාවිකවම ඒවා ඔබේ පිටුව හෝ සටහන පුරා පැතිරෙන්න ඉඩහරින්න. ඔයාගේ ලිපියේ වචන ගාන අනුව හෝ හදන වීඩියෝ එකේ දිග අනුව Keyword ටයිට්ල් එකට අමතරව තව මයිනර් ටයිට්ල්ස් වල හෝ වීඩියෝ එක මැද පාවිච්චි කරනවද කියලා හිතලා බලන්න ඕනි. එය ඔබගේ  මාතෘකාව, පළමු ඡේදය සහ ඔබේ Meta Description තුළ භාවිතා කරන්න.




                දැන් ඕගොල්ලන්ට Keyword කියන්නේ මොකද්ද කියලා මූලික අදහසක් තියෙනවා කියලා මම හිතනවා. මම වීඩියෝ එකකුත් කරලා දාන්නම්. ඊලඟ පෝස්ට් එකෙන් High Competition, Low Competition Keywords කියන්නේ මොනවද වගේම High Paid, Low Paid Keywords කියන්නෙ මොනවද කියලත්, වීඩියෝ එකකින් වැඩිම මුදලක් උපයගන්න පුලුවන් Keywords හොයාගන්නේ කොහොමද කියලත් පෙන්වන්නම්.
Read More...

Monday, August 26, 2013

3 ලිවීමේ කලාවෙන් සල්ලි හෙවීමේ කලාව - iWriter

ඉංග්‍රීසි කියන්නෙ අපි ලාංකිකයන්ගේ දෙවනි බස. ඒත් අන්තර්ජාතික වශයෙන් ඒ බස තමයි වැඩියෙන්ම භාවිතාවන්නේ. ශ්‍රි ලංකාවෙ අපේ කොල්ලොන්ට තියෙන ලොකුම අවුල ඔය ඉංග්‍රීසි. හැබැයි ඉතින් ඉංග්‍රීසි ටිකක් හොදට දැන ගත්තනම් ගොඩම තමයි. අපේ කොල්ලොන්ට හොද අදහස් තිබ්බට ඇඩ්සෙන්ස් එහෙමත් හෙනේට හිටින්නේ ඔය ඉංග්‍රීසි හින්දනේ.

             මම අද ඔයගොල්ල්න්ට ඉංග්‍රීසි උගන්නන්න නෙමෙයි මේ ආවෙ, අලුතෙන් සයිට් එකක් ගැන කියලා දෙන්න. සමහර අයනම් දන්නවත් ඇති මේ ගැන , මේ සයිට් එකේ නම iWriter මේකෙදි ඔයගොල්ලන්ට කරන්න තියෙන්නෙ ඉංග්‍රීසියෙන් ලිපි ලියලා මුදල් ගරන්න. වැඩේ කොහොමද වෙන්නෙ කියලා මම කියලා දෙන්නම්කෝ.


How to earn money from iWriter



 iWriter  හි  වැඩ  සිදුවන  පිළිවෙල

               iWriter සයිට් එක කියන්නෙ Freelancer සයිට් එකක්. ඒකෙදි ඔයගොල්ලන්ට කරන්න තියෙන්නෙ ඉංග්‍රීසියෙන් ලිපි ලිවීමයි. මේකෙදි සිද්දවෙන්න, කට්ටියක් ඉන්නවා ලිපි අවශ්‍ය. ඒගොල්ලන්ගේ සයිට් වල පල කරගන්න. ඉතින් අපි තමයි ලිපි ලියන්නෙ. ලිපි අවශ්ය අය මේ සයිට් එකෙන් අපිව හොයාගෙන අපිට කියන්වා මෙච්චර ගානක් ගෙවනවා මේ වෙලාව ඇතුලත මට මේ ලිපිය ලියලදුන්නොත් කියලා. ඉතින් අපිත් ඒක කරාම සල්ලි මිටිය සාක්කුවේ. එක ලිපියකට ඒගොල්ලො $ 2 - $ 25  හෝ ඊටත් වැඩියෙන් ගෙවනවා. මේ සයිට් එකෙන් මුදල් ගන්න පුලුවන් පෙයිපෑල් හරහා. හැමදාම කියනවා වගේ පෙය්ප්පේල් ගිනුමක් ලංකාවට සල්ලි ගන්න විදියට හදන්න දන්නෙ නැත්නම් මෙන්න ගිහින් බලන්න. Paypal in Sinhala



 ලිපි  ලිවීමේදී  සැලකිලිමත්  වියයුතු  කරුණු



ලිපියක් ලියන කොට අපිව, Writers ඒ කියන්නෙ ලියන අයව කාණ්ඩ තුනකට බෙදලා තියෙන්නෙ, 


  1. Elite
  2. Premium
  3. Standard


ඒ කාණ්ඩ තුනයි. Elite අයට ගොඩක් මුදල් ගෙවන ලිපි ලියන්න අවස්තාව හම්බෙන්වා.

ලිපි ලියද්දී ලියන්න ඕන වචන ගනන්ක් තිබෙනවා. ඒ වචන ගන්නට හෝ එය මදක් පන්න ලිවිය හැක. ඒ වගේමයි ලිපිය ලියනකොට දීලාතියෙන Keywords පාවිච්චි කරන්න ඕන.  Keywords  කිව්වට අලි ලොකු දෙයක් නෙමේ. ඒක පොඩ්ඩක් පේන විදියට පස් හය පාරක් පෝස්ට් එකේ පාවිච්චි කරන්න.

          ලිපියක් ලියන්න නිශ්චිත වේලාවක් දීලාතියෙනවා. ඒ වේලාව ඇතුලත ලිපිය ලිඅයන්න ඕන. බය වෙන්න එපා වෙලාව ඉහටත් උඩින් ඇති අපිට ඕක ලියන්න. අන්තිම කරුණ තමයි කොයි වෙලාවකවත් වෙන කොහෙන්හරි ලිපි කොපි කරන්න එපා. සයිට් වලින් හෝ කොහෙන්වත්. ඔයාගෙම අදහස් ලියන්න. නැත්නම් Copyscape ෆේල් උනොත් සොරිම තමයි.  ලිපි ඕන කියලා ජොබ් එක දාපු කෙනාට පුලුවන් අපි ලිව්ව ලිපි හොද නැත්නම් රිජෙක්ට් කරන්න. එතකොටත් ඉතින් සොරිම තමයි. අනික මතක තියාගන්න Copyscape තුන් පාරක් ෆේල් වුනොත් ගිනුම අත්හිටුවනවා. හැබැයි එතකොට සොරි නෙමෙයි සොරි.com

එහෙනම් වැඩේට පොඩ්ඩක් ඔලුව දාල බලමුද ?


  • සයිට් එකට ගිහින්  රෙජිස්ට වෙන්න,  මෙන්න  iWriter

  • ඊලගට ලොගින් වෙලා  යූසර් නේම් එක ක්ලික් කරාම සෙටින්ග්ස් හදන්න පුලුවන්. ඒ සෙට්ටින්ග්ස් වල ඔයාගෙ පෙයිපෑල් ලිපිනය එහෙමත් දෙන්න.

  • ලිපිය ලියන්න 'Write Article' ක්ලික් කරන්න


    How to write an article in iWriter


  • ඊලගට  කැමති මාතෘකාවක්, කරන්න පුලුවන් දෙයක් තෝරගෙන ඒකෙ වම් පැත්තේ තියෙන එකතු කිරීමේ ලකුන ඔබන්න. එතකොට ඩ්‍රොප් ඩව්න් මෙනු වක් ඇදෙයි. මම කලින් කියපු කාරණ ඒකෙදි ඔයාට බලාගන්න පුලුවන් වෙයි. කලින් කියපු දේවල් අනුව කටයුතු කරන්න. 


    Article writing in iWriter


  • Write Article කියන එක ඔබලා ලියන පිටුවට ගියාම ඒ කෙ වෙලාව යනවා පෙනෙයි. ඒ වගේමයි අපි ලියන වචන ගනනත් කවුන්ට් වෙනවා. ඔක්කොටම කලින් එතන දීලා තියෙන ' Project instructions ' කියවන්න. ඒකතමයි වැදගත්ම.

  • ඔක්කොම කරලා,කියවලා , ලිව්වට පස්සෙ සෑහීමකට පත්වෙනවනම් 'Submit' ඔබන්න.

මේ සයිට් එක ගැන බයවෙන්න දෙයක් නෑ, මොකද මේක ගෙවන සයිට් එකක්. තව දෙයක් ඔයගොන්ට ගූගල් එකේ සර්ච් කරල ඒවගේම තව සයිට් වලත් සර්ච් කරලා ලිපිය ලියන්න කරුණු ගන්න පුලුවන්, ඒත් ඒක එහෙම්මම ලියන්න එපා. අදහස විතරක් අරන් නිර්මාණශීලීවෙන්න.


Read More...

Saturday, August 10, 2013

14 ලංකාවටත් ගූගල් ඈඩ්සෙන්ස් : 10 Adsense Approval Tips


Google Adsense Approval
                  
             කට්ටියටම දෑන් ඕනවෙලා තියෙන්නෙ චූන් එකෙ ඉදගෙන පොඩිවෑඩක් කරලා හෑමදාටම පෑස්සිව් ඉන්කම් එකක් ගන්න. 2010-2012 වෙනකම් PTC බදාගෙන හිටියා. මාත් ඉතින් අපේ උන්ට උදව් කරන්න හිතාගෙන ඒ ගෑන ලිව්වා. දෑන් උන්ට රෙෆරල්ස්ලත්  නෑතුව සල්ලි හොයන්න අමාරු හින්ද ඈඩ්වර්ට්යිසින්ග් නෙට්වර්ක්ස් වලට අර ඈද ඈද ඉන්නෙ. එගෑන හිතල තමයි මම ඈඩ්සෙන්සුයි ඉන්ෆොලින්ක්ස් ගනයි ලියන්න හිතුවෙ. එහෙනම් වෑඩි කතා නෑතුව වෑඩේට බහිමු.


Google Adsense


ගූගල් ඈඩ්සෙන්ස් කියන්නෙ දෑනට වඩාත් ප්‍රචලිත මෙන්ම  හොදම ව්දිහයි Blogging වලින් සල්ලි හොයන්න. ඒත් ඕගොල්ලො හිතුවොත් එක ඉතා පහසුයි කියල ඕගොල්ලොන්ට වෑරදිලා. ගූගල් ඈඩ්සෙන්ස් අපිට පාවිච්චි කරන්න පුලුවන් වෙන්නෙ ගූගල් සමාගම අපේ සයිට් එක අනුමත කරොත් විතරයි. සමහර අයටනම් ගූගල් ඈඩ්සෙන්ස් ගන්නවයි කියන එකතමයි අමාරුම වෑඩේ. 


  • ගූගල් ඈඩ්සෙන්ස් වලින් අපිට සල්ලි හම්බෙන්න කොහොමද ?

        ඉස්සෙල්ලා කිව්ව වගේ ගූගල් ඈඩ්සෙන්ස් කියන්නෙ ඈඩ්වර්ටයිසින්ග් නෙට්වර්ක් එකක්. අඩ්වර්ටයිසර්ස්ල  ගූගල් ඈඩ්වර්ඩ්ස් වල තමාගෙ ඈඩ් එක දානවා. එතකොට ගූගල් ඈඩ්සෙන්ස් අය මේ ඈඩ්ස් ඈඩ්සෙන්ස් ඈප්පෘව් වෙච්ච සයිට්ස් අතරෙ බෙදා හරිනවා. මේක එගොල්ලො කරන්නෙ ඉතින් සයිට් වලට එන ට්‍රෑෆ්ෆික් එකත් බලල තමයි.

මං හිතන විදිහට අපේ කට්ටිය හොදට දන්නවා ගූගල් ඈඩ්සෙන්ස් ගෑන එක හින්දා මේ බයිලා වෑඩක් නෑතුව ඈති මොකද කට්ටියට ඕනෙ මෑරිලහරි ඈප්පෘවල්  එකනෙ. එකහින්ද මම ලිව්වා ඈඩ්සෙන්ස්ඈප්පෘවල් ටිප්ස් 10 ක්, කියවලම බලන්නකෝ.


Never Been wrong Google Adsense Tips


1: අන්තර්ගතය
  
ගූගල් ඈඩ්සෙන්ස් වලට ඈප්ලයි කරනකොට අඩුම ගානෙ වටින ලිපි 50ක් වත් ඔයා පලකරල තියෙන්න ඔනෙ ඔයගෙ සයිට් එකේ. නෑත්නම් ඔයා ඈප්ලයි කරන එකේ තේරුමක් නෑ.

2: දර්ශනය හා පසුතලය

තමාගේ වෙබ් අඩවියෙහි පසුබිම හා ආකරශනීයභාවය අඩවියට නරබන්නන් පමනක් නොව අඩ්සෙන්ස් ද ඈදගෑනීමට සමත්වේ. වෙබ් අඩවියේහි පහසුවෙන් හෑසිරීමට හෑකිවුවහොත් ඔබගේ පාඨකයින් මෙන්ම web crawlers ලාද එයට ප්‍රියකරනු ඈත. එම නිසා තම වෙබ් අඩවිය දර්ශනීය සේම වෘතීමය ස්වරූපයක් ගෑනීම අඩ්සෙන්ස් ලබගෑනීමට හේතුවේ.
3: වෙබ් අඩවියේ අයිතිය

ඈඩ්සෙන්ස් වලට ඈප්ලයි කරන්නකලින් අඩුමගානේ ඔයගේ බ්ලොග් එක මාස 6ක් වත් පරන වෙන්න ඕන. මොකද මීට පෙර අඩ්සෙන්ස් ගත්තු බ්ලොග කට්ටිය වෙන අයට පවරල තියෙනව. මේහින්දා තමයි ගූගල් අය මෙම කරුනගෑන සලකිලිමත් වෙන්නේ. නමුත් ඔයාගෙ බ්ලොග් එකට මාසෙට 200,000 විතර විසිටර්ස්ලා එනවනම් මේක අදාලවෙන්නේ නෑ.  

 4: අඩවියේ පිරිසිදුභාවය

මේකෙන් මම අදහස් කරේ ඔය සයිට් එකේ පොඩිහිටියන්ට හොද නෑති වෑඩිහිටියන්ට පමනක් වූ තොරතුරු, පින්තූර හෝ විඩියෝ දර්ශන ඈත්නම් එය කුමන ලෙසකින්වත් ඈඩ්සෙන්ස් අනුමත කරන්නේ නෑත.

5: අගනේය බව සහ වටිනා බව

ඔයාගෙ සයිට් එකේ හරි බ්ලොග් එකේ හරි ඔයවිසින්ම ලියපු හරවත් ලිපි තිබ්බොත්, කොපි පේස්ට් නොකරපුව තිබ්බොත් ඒකට ඈඩ්සෙන්ස් ගොඩක් ආසකරනවා. ඒ නිසා ඔයගේ සයිට් එක පහසුවෙන් අනුමත වෙනවා.



6: වටිනා ඩොමේනයක් තිබීම

වටිනා ඩොමේනයකට උදාහරනයක් ලෙස www.yourname.com ගතහෑකිය. මෙහිදී '' ඩොමේනය '.com' වේ. මෙසේ '.com, .org, .net ' වෑනි ඩොමේනයක් තිබීම ගූගල් විසින්  උසස් කොට සලකන අතර විශේෂ අවදනයක්ද යොමුකරයි. මම එකෙන් අදහස් කරේ '.blogspot.com' ඩොමේනක් තියාගෙන ඈඩ්සෙන් ගන්න බෑහෑ කියල නෙමේයි. '.com' ඩොමේනක් තිබ්බොත් වෑඩේ පහසුවෙනවා කියලයි. 


7: සත්‍ය ප්‍රථමයෙන්

ඈඩ්සෙන් වලට ඉල්ලුම් කරන කොට කවදාවත් අසත්‍ය තොරතුරු ඈතුලත් කරන්න එපා. මොකද එහෙම කරොත් චෙක් එක වෑරදෙන්න පුලුවන්. ඒක නිසා නම, ලිපිනය,දුරකතන අන්කය හරියට දෙන්න. නම දෙනකොට Nick Names දෙන්න එප. ඒ වගේමයි බෑන්කුවෙ ගිනුමක තියෙන නමක් දෙන්න ඊට අමතරව ඔයගෙ ගූගල් ප්‍රොෆිල් එකේ තියෙන නමට ගෑලපෙන විදිහට දෙන්න. 

Eg : Google Profile  -  Maleesha Kasun Abesinghe
        Bank Account   -  M.K. Abesinghe

                                then ;

        Adsense must be  M.K. Abesinghe 

8: පාඨකයින්ගේ ඝනත්වය

ඔබේ වෙබ් අඩවියට පෑමිණෙන පාඨකයින් නෑතහොත් ආගන්තුකයින් ගණන ඉතාම වෑදගත්. අඩුමතරමෙ දවසකට විසිටර්ස්ලා ඔයගෙ සයිට් එකට 50ක් වත් එනවනම් තමයි හොද මොකද නෑත්නම් ගූගල් ඈඩ්වර්ඩ්ස් වල ඈඩ් දාන ඈඩ්වර්ටයිසර්ස්ල උනත් කෑමිතිනෑ සෙනග අඩු සයිට් එකක ඈඩ් දාන්න  ඒ නිසා ඈඩ්සෙන්ස් ඉල්ලන්න කලින් ට්‍රෑෆික් එක ගෑනත් හිතල බලන්න.

9: උත්සහය වටිනවා පලක් ඈත්නම්

ඔයාගේ සයිට් එක එකපාරක් හරි ඈඩ්සෙන්ස් රිජෙක්ට් උනානම් නෑවත නෑවත ඈප්ප්ල්යි කරන්න යන්න හොද නෑ. ඒ වෙනුවට කරන්න තියෙන්න සයිට් ඒකේ තියෙන අඩුපාඩු හදාගෙන ටික කාලෙකින් ට්‍රයි කරන එකයි. නෑතුව එක දිගට ට්‍රයි කරොත් අකවුන්ට් එක බෑන්ඩ් කරන්නත් ඉඩ තියෙනවා.

10: කොහේ ගියත් නීති රීති තියෙනවානෙ

මම උඩින් කියපු කරුණු තමයි ගොඩක් වෙලවට ඈඩ්සෙන්ස් ගනිද්දී ඔයා සලකිල්ලට ගන්න ඔනේ. හෑබයි ඉතින් ඔයාට පෑයක් විතර පීසී එක ඉස්සරහ වාඩිවෙලා ඉන්න පුලුවන්නම් ගූගල් කොන්දෙසි කියවල් බලන්න එතකොට දනට වඩ වෑඩේ ඈබිත්තක් විතර ලේසිවෙයි.

ඔයා මතක තියගන්න ඕනෙ ඔය මේ සයිට් එක හෑදුවෙ ඈඩ්සෙන්ස් ගන්න කියල බව සයිට් එක තුලින් හෑගෙන්න තියෙන්න එපා. ඒ වගේම ඈඩ්සෙන්ස් වලට ඉල්ලන කොට සයිට් එකේ වෙන ඈඩ්ස් දල තියෙනවනම් එව අයින් කරල ඈප්ලයි කරන්න. එතකොට ගූගල් අයගෙ විශ්වාසය දිනාගන්න පුලුවන් වෙයි.



                         
ඔන්න ඉතින් ඈඩ්සෙන්ස් ලේසියෙන්ම නෙමේ හරියටම ගන්නෙ කොහොමද කියල කියල දුන්නා. කාටද හෑබයි ඉතින් ප්‍රශ්න නෑත්තෙ, ඉතින් ප්‍රශ්නයක් තියෙනවනම් කම්මෙන්ට් එකක් දාන්න මම උත්තර දෙන්නම්. ඈඩ්සෙන්ස් ගන්න අමරුනම් මට කියන්න මම උදව් කරන්නම්. එහෙනම් ඉතින් ඊලග පෝස්ට් එකෙන් හම්බෙනකන් සුබ දවසක්.

Read More...