Monday, October 12, 2020

0 ඇමේසන් ඇෆිලියේට් 0 සිට + ඇමේසන් ඇෆිලියේට් Cash-Out


පසුගිය කාලය පුරාවටම ඔයගොල්ලොන්ට මතක ඇති මම වීඩියෝ 12 කටත් වඩා වැඩි ප්‍රමාණයකින් සහ ලිපි කීපයකින්ම ඔයගොල්ලන්ට කියල දුන්නා කොහොමද මුල ඉදලා amazon affiliate ගිනුමක් හදලා මුදල් උපයන්නේ කියලා. ඊට පස්සේ මම ඒ මුදල් ලංකාවේ බැංකු ගිනුමකට පැය 48ක් ඇතුළත Payoneer පාවිච්චි කරලා ගෙන්න ගන්නෙ කොහොමද කියලා පෙන්නුවා. ඉතින් අද මම මේ ලිපියෙන් ඔයගොල්ලන්ට මේ මුළු ක්‍රියාදාමයම එක රාමුවකට අරන් පෙන්නනවා. 




මේක සම්පූර්ණ නැවත හැරී බැලීමක් කියලත් කියන්න පුළුවන්. අපි ඉගෙන ගත්ත එකින් එක මුල සිට පෙළ ගැසුවොත්,  Amazon Affiliate ගිණුම හැදුවට පස්සේ,

    • ඇමේසන් වෙබ් අඩවි තිබෙන ඕනෑම භාණ්ඩයකට අපිට ඇෆිලියේට් ලින්ක් එකක් කොහොමද හදා ගන්නෙ ?
    •  ලින්ක් එකක් දාන්න හොඳ platforms මොනවද ?
    • Youtube Description එකේ ඇෆිලියේට් ලින්ක් දාන්නෙ කොයි විදිහටද, වෙබ් සයිට් එකක පෝස්ට් එකේ මොන විදිහටද දාන්නෙ ?
    • එකෙක භාණ්ඩවලට හමුවෙන කමිෂන් ප්‍රමාණ මොනවද ?
    • ලින්ක් ශෙයාර් කරන්න සාම්ප්‍රදායික ක්‍රම වලින් ඔබ්බට ගිය වඩාත්ම සාර්ථක ක්‍රම මොනවද ?
    • ඇමේසන් ගිණුමයි Payoneer එකයි සම්බන්ධ කරන්නේ කොහොමද, ඒ වගේම Payoneer ගිණුමයි ලංකාවේ බැංකු ගිණුමයි සම්බන්ධ කරන්නේ කොහොමද ?
    • Real-Time Withdrawal
    • ඇමේසන් වලින් ඔයාට පණ වන Tax ප්‍රතිශතය 0.0% කරගන්නෙ කොහොමද ?
    • ඇමේසන් වලදී අනිවාර්යෙන් නොකල යුතු දේවල් මොනවද ?
    • ඇමේසන් Locales පාවිච්චි කරලා අපේ ආදායම පස් ගුණයකටත් වඩා වැඩි කරගන්නේ කොහොමද
    • ඇමේසන් ඇෆිලියේට් මාර්කටින්ග් වලට Website එකක් කොහොමද හදන්නේ මුල සිට (0සිට) 
    • ඇමේසන් සේල්ස් වැඩිවෙන විදිහට කොහොමද වෙබ් පෝස්ට් එකක් හරියටම හදන්නේ
    • Genius Link වලින් කොහොමද අපි 100% ලාභ ලබන්නේ

වගේ බොහෝමයක් කරුණු ඔයගොල්ලන්ට මගේ Youtube channel එක බැලුව නම් ඉගෙන ගන්න පුළුවන්කම තිබ්බ. 

ඉතින් මේ ඔක්කොම කියලා දෙන සම්පූර්ණ වීඩියෝ එකක් පහලින් මම දාලා තියෙනවා. තව දෙයක් තමයි ගොඩක් අය ඇහුවා යූටියුබ් ගැන වීඩියෝ කරාට පස්සේ කොහොමද Monetization හරියටම ගන්නෙ කියලා මොකද subscribers ලා දාහයි පැය 4000 තිබ්බට වැඩක් නැහැ, YouTube Quality Guidelines පාස්වෙන්න ඔයාගෙ චැනල් එකට බැරිනම්.

ඉතින් මම ඉස්සර හැද ඒක ගැන කරල දාන්න හිතන් ඉන්නව 0 ඉඳලා කොහොමද youtube channel එකක් ගොඩනඟලා monetization අරන් සල්ලි උපයන්නේ කියලා. 
ඒ වගේම Genius Link Course එක කාට හරි කරන්න ඕනිනම් මෙතනින් යන්න : Genius Link




0 comments:

Post a Comment




Related Posts Plugin for WordPress, Blogger...