Showing posts with label Affiliate. Show all posts
Showing posts with label Affiliate. Show all posts

Friday, June 12, 2020

2 Amazon Affiliate Cashout to Sri Lankan Bank Account | ඇමේසන් ඇෆිලියේට්ස් සිංහලෙන්

ඔබට මතක ඇති මම ඇමේසන් ගැන ලිපියක්ම ලිව්වා, එකවුන්ට් එකක් හදන්නෙ කොහොමද, link share කරන්නෙ කොහොමද සහ වීඩියෝස් දැම්ම සල්ලි withdraw කරන්න amazon account එකයි Payoneer එකයි link කරන්නෙ කොහොමද කියල. 


         අද මම මේ post එකෙන් ඕගොල්ලන්ට පෙන්නන්නෙ මම මාස කිහිපයක් ඇතුළත සක්‍රීයව ඇමේසන් ලින්ක් වලට traffic යවන්නේ නැතුව මගේ පරණ ට්‍රැෆික් එකින් හම්බ කරපු සල්ලි ලංකාවේ බැංකු ගිනුමට ගෙන්න ගන්න හැටි. 

මෙතනදි මම amazon account එකෙන් පයනියර් එකට direct deposit වෙච්ච සල්ලි pioneer account එකෙන් මගේ bank account එකට withdraw කරනවා. ඒ සල්ලි මිනිත්තු 45 ක් ඇතුළත එකවුන්ට් එකට වැටෙන හැටිත් මෙහි video එකේ අන්තිමට ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන්. එහෙනම් අපි පටන් ගමු.




        මම හිතනවා ඕගොල්ලන්ට මේ කරපු ක්‍රියාදාමය පැහැදිලි වුණා කියලා, මේක මම පෙන්නුවෙ ඔයගොල්ලන්ට මේක අනිවාර්යෙන් කරන්න පුළුවන් කියන අදහස ලබාදෙන්න. ඒ වගේම ලංකාවෙ බැංකුවටම සල්ලි ගෙන්නගන්න පුළුවන් කියලා පෙන්නන්න. ඉදිරියට මම තවත් ලිපි දාන්න බලාපොරොත්තු වෙනවා. එතකං හැමෝටම සුබ දවසක්.

Read More...

Wednesday, October 24, 2018

9 Amazon සල්ලි ලංකාවට අදිමු : Amazon Affiliates in Sinhala

පළවෙනි ලිපියෙදි මම ඔයගොල්ලන්ට සයිට් එකෙ රෙජිස්ටර් වන්න වෙන දේවල් වගේම, හම්බෙන කමිෂන් වල ප්‍රමාණ පිළිබඳව ඔයගොල්ලන්ට ගෙනාව. මේ පොස්ට් එකේදි මම කඩිය ලියන්න බලාපොරොත්තුවෙන්නෙ නෑ. ඉදිරියට කටයුතු කරන්න ඕනි ආකාරය ඔක්කොම වීඩියෝ කකින් ඉදිරිපත් කරවන් අදහස් කරා.




වීඩියෝ එකෙන් ප්‍රධාන වශයෙන්ම, 

  • රෙජිස්ටර් වන්න අවශ්‍ය දේවල් 
  • භාණ්ඩ ප්‍රොමොට් කරන්න ලින්ක් හදන හැටි 
  • ඒ හදපු ලින්ක් දාන්න ඕනි තැන් 
  • අපිට හම්බෙන කමිෂන්- Earning Reports
  • මගේ Payment Proofs
  • සල්ලි Cash-out කරන හැටි
  • එන සල්ලි ලංකාවෙන් අතට ගන්න හැටි


අනිවාර්‍යෙන්ම YouTube Channel එකට Subscribe කරන්න. 
මම හැම වීඩියෝ එකම සයිට් එකේ දාන්නෙ නෑ.



ප්‍රශ්න, යෝජනා, අදහස් තියෙනවනම් ඔයගොල්ලො කමෙන්ට් සෙක්ශන් එකෙන් දාන්න, මම හැකි ඉක්මනින් රිප්ලයි කරන්නම්.



Read More...

Tuesday, March 20, 2018

10 Amazon affiliates : කම්මැලි අපිට මුදල් උපයන්න ලේසිම විදිය

Amazon associates කියන්නෙ ප්‍රසිද්ධ, භාණ්ඩ අලෙවිකරන වෙබ් අඩවියක් වන Amazon සමාගමේ Affiliate Marketing Site එකයි. Affiliate Marketing ගැන ලොකු විස්තරයක් මෙත්න්දි මම කියන්න යන්නෙ නෑ, මොකද මම Clickbank ගැන කියල දීපු ලිපි වලදි මම ඒ ගැන සදහන් කලා. කෙටියෙන්ම කිව්වොත් Affiliate Marketing කියන්නෙ අපි තැරැව් කරුවෙකු ලෙස කටයුතු කිරීමක්, අලෙවි කරුවෙකුගේ භාණ්ඩයක් පාරිභෝගියෙකුට අපි අපේ තිබෙන අලෙවිකරණයට ඇති ශක්‍යතාව භාවිත කරලා අලෙවිකර දීමක් තමයි වනුයේ. එම ක්‍රියාදාමයේදී අලෙවිකරු විසින් භාණ්ඩයේ මිලෙන් යම් කිසි කොටසක් අපට ලබාදෙනවා. ඒක ඇත්තටම කිව්වොත් හොඳ පහසු ඵලදායී ක්‍රමයක් මේ අපි දන්න Amazon, Clickbank වගේ සයිට් දිහා බලද්දි.


මේකෙදි ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නෙ ඔයා ඇමේසන් සයිට් එකේ තියෙන භාණ්ඩයක් මිලදී ගන්න කාටහරි කියනවා, එක්කො නිර්දේශ කරනවා, ඒකෙනා ඒ භාණ්ඩේ මිලදී ගන්න යන්නේ ඔයා දෙන ලින්ක් එකක් හරහා. එහෙම ගිහින් ඒක එයා ගත්තොත් ඔයාට කමිෂන් එකක් හම්බෙනවා.

ඔයාට මේ ක්‍රමයෙන් මුදල් හොයන්න ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය දේවල් :

  • An Amazon Associates Account 

  • A Website/ YouTube Channel/ Forum Posts or an e-Mail List

  • Social Media Account/s


ඔයාට ඇමේසන් සයිට් එකේ ඇසෝසියේට් ගිනුමක් හදන්න කලින් රෙජිස්ටර් වෙන්න ඇප්ලිකේශන් එකක් පුරවන්න තියේ. ඒක ඇපෲව් වුනාම තමා ඔයාට වැඩ පටන් ගන්න පුලුවන්. බොහෝවිට ඒක ඇපෲව වෙනවා, ඒ නිසා ඒක ගැන ගොඩක් ගැඹුරට හිතන්න ඕනි නෑ. Amazon Associates Registration Link ඔයා ඕකට ගිහින් රෙජිස්ටර් වෙනකොට පහත ආකරයේ පිටු පහකින් යුක්ත ෆෝම්  එකක් ෆිල් කරන්න තියෙයි.එකේ දෙවනි පිටුවෙ තියෙන වෙබ්සයිට් ප්‍රොෆයිල් එකට ඔයාගෙ යටතෙ තියෙන වෙබ් අඩවියක් ලබදෙන්න, ඊට අමතරව යූටියුබ් චැනල් තිබේනම් එම චැනල් වල යු ආර් එල් ද ලබාදෙන්න.

Web Site Details in Amazon Associates Registration

මතක තියාගන්න ඕනි දෙයක් තියේ, ඔයා සයිට් එකක් දැම්මට පස්සෙ ඔයා ඔයාගෙ සයිට් එක අඩුම ගානෙ මාසෙකට වතාවක්වත් අලුත් පෝස්ට් එකක් දාල අප්ඩේට් කරන්න. නැත්තම් ඇපෘව් කරපු ඇප්ලිකේශන් එක පස්සෙ රිජෙක්ට් කරනවා.ගිනුමක් හදාගත්තට පස්සෙ ඔයාට පුලුවන් ඇමේසන් වෙබඩවියේ භාණ්ඩ අලෙවි කරලා කමිශන් එකක් ගන්න. විවිධ භාණඩ වලට විව්ධ කමිශන් රේට්ස් හම්බෙන්නෙ.

TABLE 1 – Fixed Standard Program Fee Rates for Specific Product Categories 

Product Category Fixed Standard Program Fee Rates
Amazon Gift Cards, Wine 0.00%
Video Games & Video Game Consoles 1.00%
Televisions, Digital Video Games 2.00%
PC, PC Components, DVD & Blu-Ray 2.50%
Toys 3.00%
Amazon Fire Tablet Devices, Dash Buttons, Amazon Kindle Devices 4.00%
Physical Books, Health & Personal Care, Sports, Kitchen, Automotive, Baby Products 4.50%
Digital Music, Grocery, Physical Music, Handmade, Digital Videos 5.00%
Outdoors, Tools 5.50%
Headphones, Beauty, Musical Instruments, Business & Industrial Supplies 6.00%
Apparel, Amazon Element Smart TV (with Fire TV), Amazon Fire TV Devices, Jewelry, Luggage, Shoes, Handbags & Accessories, Watches, Amazon Echo Devices 7.00%
Furniture, Home, Home Improvement, Lawn & Garden, Pets Products, Pantry 8.00%
Amazon Fashion Women, Men & Kids Private Label, Luxury Beauty, Amazon Coins 10.00%
All Other Categories 4.00%



ඉහත කියපු කමිශන් වලට අමතරව තවත් ක්‍රමයකින් ඇමේසන් අඩවියේදි ඔයාට මුදල් හම්බෙනවා. ඒ "Bounty Events and Special Program Fees" වලින් එහිදි සාමාන්‍යෙන් $ 3 - $ 25 වෙනකම් හම්බෙනවා. වැඩේ සිද්ද වෙන්නේ මෙහෙමයි.

                       ඔයා මොකක් හරි භාණ්ඩයක් අනිත් අයට ගන්න ලින්ක් එක පෝස්ට් කරා කියමුකෝ, ඒකෙන් කවුරු හරි ඇමේසන් වෙබ් අඩවියට ගිහින් ඒ භාණ්ඩේ ගන්නෙ නෑ හැබැයි ඒ ඇමේසන් සයිට් එකේ තියෙන මොකක් හරි ප්‍රෝග්‍රැම් එකකට සයින් අප් වෙනවා.(උදා: Amazon Prime Free Trial/ Kindle Unlimited Free Trial) එහෙම සයින් අප් වුනොත් එක සයින් අප් එකකට $ 3 - $ 25 වෙනකම් ඇමේසන් අය ගෙවනවා. පහතින් තියෙන්නේ ඒ ගෙවන ගාන දැක්වෙන ලැයිස්තුව.


TABLE 2 – Bounty Events and Special Program Fees 

Bounty-Eligible ProgramHomepageBounty ActionEligible CustomerBounty Rate
Amazon Channels Free TrialListed in Affiliate Program Help Page Successful registration for a third party video subscriptionAn Amazon Prime customer who meets the eligibility requirements for an Amazon Channels Subscriptions$3.00
Amazon Baby Registryhttp://www.amazon.com/gp/baby/homepageSuccessful creation of, and addition of at least 1 item to, an Amazon Baby RegistryA customer who meets the eligibility requirements for the creation of an Amazon Baby Registry and who has not previously created an Amazon Baby Registry$3.00
Amazon Familyhttp://www.amazon.com/momSuccessful registration for Amazon Prime Free TrialA customer who meets the eligibility requirements for the Amazon Prime Free Trial$3.00
Amazon Home Serviceshttp://www.amazon.com/homeservicesSuccessful reservation of a Standard, Pre-Packaged, or Custom service from Amazon Home ServicesA customer who meets the eligibility requirements for Amazon Home Services and who has not previously reserved a service for Amazon Home Services$3.00
Amazon Music Unlimited Free Trialhttps://www.amazon.com/gp/dmusic/promotions/AmazonMusicUnlimitedSuccessful registration for Amazon Music Unlimited Free TrialA customer who meets the eligibility requirements for the Amazon Music Unlimited Free Trial$3.00
Amazon Prime Free Trialhttp://www.amazon.com/tryprimefreeSuccessful registration for Amazon Prime Free TrialA customer who meets the eligibility requirements for the Amazon Prime Free Trial$3.00
Amazon Prime Gifting (12-month)https://www.amazon.com/gp/prime/pipeline/prime_gifting_landingBounty-Eligible Purchase of a 12-month Prime Gift MembershipAny customer$5.00
Amazon Prime Gifting (3-month)https://www.amazon.com/gp/prime/pipeline/prime_gifting_landingBounty-Eligible Purchase of a 3-month Prime Gift MembershipAny customer$3.00
Amazon Prime Discounted Monthly Offering (Prime Free Trial for Qualifying Customers)https://amazon.com/qualifySuccessful registration for a Prime Free Trial for qualifying customerA customer who meets the eligibility requirements for the Amazon Prime Monthly Discounted Free Trial$3.00
Amazon Prime Music Free Trialhttp://www.amazon.com/gp/dmusic/promotions/prime.htmlSuccessful registration for Amazon Prime Free TrialA customer who meets the eligibility requirements for the Amazon Prime Free Trial$3.00
Amazon Prime Video Free Trialhttp://www.amazon.com/gp/video/primesignupSuccessful registration for Amazon Prime Free TrialA customer who meets the eligibility requirements for the Amazon Prime Free Trial$3.00
Amazon Prime Student 6-Month Trialhttp://www.amazon.com/gp/student/signup/infoSuccessful registration for Amazon StudentA customer who meets the eligibility requirements for Amazon Student and who has not previously registered for any version of Amazon Student$3.00
Amazon Wedding Registryhttp://www.amazon.com/gp/wedding/homepageSuccessful creation of, and addition of at least 1 item to, an Amazon Wedding RegistryA customer who meets the eligibility requirements for the creation of an Amazon Wedding Registry and who has not previously created an Amazon Wedding Registry$3.00
Audible AudiobookNot applicableBounty-Eligible Purchase of an Audible audiobook on Amazon.com (including purchases made using Audible membership credits, but excluding purchases of free audiobooks)Any customer$0.50
Audible Free Trial Digital MembershipNot applicableSuccessful registration for an Audible Free Trial on Amazon.com A customer who meets the eligibility requirements for the Audible Free Trial$5.00
Audible Gold Digital MembershipNot applicableSuccessful registration for an Audible Gold Digital Membership on Amazon.comA customer who meets the eligibility requirements for the Audible Gold Digital Membership$10.00
Cell Phone with Wireless Service PlanNot applicableBounty-Eligible Purchase of a cellular phone with a wireless service planAny customer$25.00
Kindle Reading Apphttps://www.amazon.com/associates/AppDownload?tag=[YourAssociatesID]&program=1&linkCode=adt Successful sign-in to a Kindle reading app, which may require the Eligible Customer to download and install the applicationA customer who has not previously signed into a Kindle reading application$3.00
Kindle Unlimited Free Trialhttp://www.amazon.com/kindleunlimitedSuccessful registration for Kindle Unlimited Free TrialA customer who meets the eligibility requirements for the Kindle Unlimited Free Trial$3.00
Kindle Unlimited 6 Month Paid Membershiphttps://www.amazon.com/gp/kindle/ku/gift_landingPurchase of a 6-month Kindle Unlimited membership A customer who completes a 6-month Kindle Unlimited membership purchase$3.00
Kindle Unlimited 12 Month Paid Membershiphttps://www.amazon.com/gp/kindle/ku/gift_landingPurchase of a 12-month Kindle Unlimited membershipA customer who completes a 12-month Kindle Unlimited membership purchase$5.00
Kindle Unlimited 24 Month Paid Membershiphttps://www.amazon.com/gp/kindle/ku/gift_landingPurchase of a 24-month Kindle Unlimited membershipA customer who completes a Kindle Unlimited 24-month membership purchase$10.00
Prime Exclusiveshttps://www.amazon.com/primeexclusivesSuccessful registration for Amazon Prime Free TrialA customer who meets the eligibility requirements for the Amazon Prime Free Trial$3.00
Twitch Prime (sign up of Prime Free Trial and linking to Twitch account)https:/amazon.com/trytwitchprimeConnection of Amazon Prime account to TwitchA customer who meets the eligibility requirements for the Amazon Prime Free Trial$3.00
AmazonFresh Free Trialhttps://www.amazon.com/afx/nc/primefreshbenefitsSuccessful registration for AmazonFresh Free TrialA customer who meets the eligibility requirements for the AmazonFresh Free Trial$5.00
Amazon FreeTime Unlimited Free Trialhttp://www.amazon.com/tryfreetimeSuccessful registration for Amazon FreeTime Unlimited Free TrialA customer who meets the eligibility requirements for the Amazon FreeTime Unlimited Free Trial$3.00

                     ඔය ගොල්ලන්ට හොද ආදායමක් ලබාගන්න පුලුවන් ලේසියෙන්ම මේ වැඩෙන්, ඉතින් ඇෆිලියෙට ලින්ක් හද්න්නෙ කෝමද, දාන්න ඕනි කොයිවගේ තැන්වලද කියලා මම ඊලඟ පෝස්ට් එකේදි කියලා දෙන්නම්.

පහතින් දැක්වෙන්නෙ Amazon Associate Earning Report එකක් (මෙය මගේ නොවන අතර දළ අදහසක් ලබාදීමට දැමුවෙමි)


Earning Report of a Month in Amazon Associates

Read More...

Tuesday, March 4, 2014

9 PPI හෙවත් CPA වල තවත් අත්තක ගෙඩි කඩමු

අද අරගෙන ආවෙ ටිකක් වෙනස් ජාතියෙ ඒත් අපි දන්න එක සයිට් එකකට සමානකමක් තියෙන ක්‍රියාවලියක්. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නෙ PPI ගැන එනම් Pay Per Install මෙකත් එකජාතියක CPA ( Click Per Action ) තමයි. ඔයගොල්ලො දන්න Share-cash ත් CPA එකේ වර්ගයක්. හැබැයි Share-cash එකට වඩා සල්ලි හොයන එක මේකෙදී වෙනස් වෙයි. මේකෙ ඔයගොල්ලන්ට තමන්ගෙ අභිමානය රැකගෙන හිතට එකගව කටයුතු කරන්න පුලුවන්. මොකද Share-cash එකේදි අපිට ගොඩක් වෙලාවට අනිත් අය ලව්වා ඩොව්න්ලෝඩ් කරවන්නෙ ඩොව්න්ලෝඩ් කරපු එකාට මේලෝකෙ වැඩක් නැති ෆයිලෙ එකක් නෙ. මේකෙදී එහෙම නෑ.


PPI හෙවත් Pay Per Install මොකක්ද මේ ?


Pay Per Install වෙබ් අඩවි වල අපි කොහොමද සල්ලි හොයන්නෙ කියලා මම ඔයගොල්ලන්ට විස්තර කරන්නම්.


  • Pay Per Install කියන්නෙ අපේ ලින්ක් එක හරහා විසිටර්ස්ලා ගොස් අපේ සොෆ්ට්වෙයර් එක ඇඩ්වර්ටයිසර් දෙන සෙටප් එක හරහා ඩොව්න්ලෝඩ් කර ගැනී ම මගින් අප වෙත  සල්ලි උපයා දීම.

  • මේකෙදි ගොඩක් වෙලාටවට අපිට අපේ විසිටර්ස්ලාට අවශ්‍ය දෙය ලබාදීලා බොරුවක් වන්චාවකින් තොරව ගානක් උපයා ගන්න පුලුවන්.

  • මේකෙදි වෙන්නෙ අපි විසිටර්ස් ලාට අව්ශ්‍ය සොෆ්ට්වයර් එක PPI සයිට් එකෙන් කොට කරලා දෙන්වා. එහෙම කොට කරන කොට ඒගොල්ලො අපේ ඩොව්ලෝඩ් එක විසිටර්ස්ලාට ගන්න සලස්වන්නේ, එගොල්ලන්ගේ සෙටප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙ. ඒ සෙටප් එකේ ඇත්තටම තියෙන්නෙ අඩ්වෙර්ටිසර්ස්ලාගෙ ඇඩ්,  හා අපේ පරිගනකය අන්තර්ජාලයට සම්භන්ද වුනාම ඒ ඇඩ් පෙන්වීම.

  • සෙටප් එක අපේ විසිටර් ඩොව්න්ලෝඩ් කරගත්තට පස්සෙ ඔහුව අපේ ෆයිල් එක වෙතයවනාවා ඩොව්න්ලෝඩ් කරගන්න.

  • මේක Publisher, Visitor, Advertiser  තුන්දෙනාටම වාසි වැඩක්.

  • කරන්න තියෙන්නෙ ඔයගොල්ලො කාටහරි ෆයිල් එකක්, (Software, game Crack , Royalty Free Music, Tutorials , No Adult Videos) දෙනකොට ඒ ලින්ක් එක PPI සයිට් එකකින් ශෝට් කරලා දෙන්න. එතකොට ගානක් සාක්කුවේ.

PPI වලට මම නිර්දේශ කරන සයිට්



ඇසූ පිරූ දේවල් වලින්, මට විශ්වාසය තියන්න පුලුවන් වුනේ " Sky Monetizer " ගැන පමනයි. කරපු ගොඩක් අය කිව්ව සල්ලි හම්බුනා කියලා. ඒ වගේම ඒක හොර සයිට් එකකුත් නෙමේ.


Skymonetizer Review


  • Sky Monetizer ගැන යමක් ;

  1. CPA Elites මෙම වෙබ් අඩවිය නිරන්ත්‍රයෙන් මුද ගෙවන වෙබ් අඩවියක් ලෙස නම් කර ඇත.

  2. වෙබ් අඩ්වියෙන් මුදල් ලබාගත්තු අයගෙන් ඒ පිලිඅභද දැන ගන්නට ලැබී ඇත.

  3. Paypal, Payoneer, Wire Transfer, Web Money  සහ කෑෂ් අවුට් කිරීමට තවත් නොයෙක් ක්‍රම ඇත.

  4. කෑෂ් අවුට් ලිමිට් එක $ 50 වේ.

  5. PPI සයිට් අතර වැඩියෙන්ම ගෙවන අඩවිය.

  6. සෙටප් එක විසිටර් ගෙ පරිගනකයට ඉන්ස්ටෝල් කිරීමෙන් අනතුරුව ෆයිල් එක ඩොව්න්ලෝඩ් කරගැනීමට යොමු කරන අතර වෙනත් සයිට් මෙන් Ad-ware මගින් විසිටර්ව අපහසු තාවයට පත් නොකරයි.

කැමති අය රෙජිස්ට වෙන්න, හැබැයි රෙජිස්ට වෙනකොට මට ප්‍රති උපකාරයක් වශ්යෙන් කැමතිනම් මගේ රෙෆරල් කෙනෙක් විදියට රෙජිස්ට වෙන්න. ඒකට ඔය පල්ලෙහා තියෙන බැනර් එක ක්ලික් කරලා වෙබ් අඩවියට පිවිස රෙජිස්ට වෙන්න.






                                  මම මේ ගැන තවත් ඉස්සරහට කියලා දෙන්නම්, හැබැයි ඉතින් අද ගෙනාපු ටිකෙන් සෑහීමකට පත්වෙලා කැමතිනම් වැඩේට අත්ගහන්න. හැබැයි කාවවත් රවට්ටලා ඉන්ස්ටෝල්ස් ගන්න එපා !


Read More...

Monday, August 12, 2013

8 Clickbank වලින් සල්ලි හොයමු : Clickbank in Sinhala

clickbank in Sinhala ඔයගොල්ලො පුදුම වෙනවා ඇති මගේ කලින් තිබ්බ බ්ලොග් එක drdcash.blogspot.com එකට මොකද උනේ, ඒ වගේම ඇයි මම අද මෙහෙම එකකින් ඔයගොල්ලන්ව හමු වෙන්නෙ කියලා. ඇත්තටම ගූගල් අය මගේ බ්ලොග් එක රිමූව් කරා. එහෙම ක්‍රේ ඇයි කියලත් කියන්නම්. ඔයගොල්ලන්ට මතකනෙ මම ඇඩ්සෙන්ස් ගන්න පුලුවන් ක්‍රමයක් කියලා පෝස්ට් එකක් දැම්මා. කීප දෙනෙක්ම කතාකරලා ඇඩ්සෙන්ස් ගන්න ඕන බව කිව්ව. ඒ අතරෙ එකෙක් මට මේල් කරලා තිබ්බ බැනලා මම නිකන් දෙන ඇඩ්සෙන්ස් විකුනනවා කියලා.


                      මම කිව්ව උට මම ගොඩක් කැමති වෙනවා, ඔයත් අපිට කියලා දුන්නොත් ඇඩ්සෙන්ස් නිකන් ගන්න හැටි. Hosted ඇඩ්සෙන්ස් නම් ඔය නිකන් , වෙන සයිට් එකකින් ගන්න පුලුවන් වුනත් Genuine ඇඩ්සෙන්ස් ගන්න බෑ බ්ලොග් එකකට මාස 4 වත් යනකම් නැත්නම් සල්ලි දීල නැතුව. කියලා තිබ්බා මගේ බ්ලොග් එක Report කරා කියලත්. මම දැනගත්තා වැඩේ අප්සට් කියලා. කොහොම හරි ඊට සතියකට විතර පස්සෙ ගූගල් අය සයිට් එක බෑන්ඩ් කරලා තිබ්බ. ගූගල් අයටත් කරන්න දෙයක් නෑ, මොකද මගේ සයිට් එක සිංහලෙන් තිබ්බ හින්දා කන්ටෙන්ට් එක කියවන්න ඒගොල්ලන්ට බෑනෙ.

ගොඩ දෙනෙක් කතාකරලා ඇහුවෙ අයියෙ සිටෙ එකට යන්න හැඩුවට යන්න බැහැ කියලා.මගෙන් ඇහුවා අලුතෙන් සයිට් එක පටන් ගන්නෙ නැද්ද කියලත්. මොකද්ද ඇති වැඩේ අලුත් බ්ලොග් එකක් පටන් අරන් ඒකත් ඔය ඊරිසියා කාරයෙක්ට Report කරන්න පුලුවන්නම්. මම අලුත්, වෙනස් විදියකට සයිට් එක ගේන්න බැලුවෙ. ඒත් ඉතින් ඒක්ට රුපියල් 8500 - 9000 විතර යන්වා. කට්ටිය කැමතිනම් අලුත් සයිට් එකට Donate කරන්න මට කතා කරන්න. ඒ ක ලොකු උදව්වක් මට විතරක් නෙමේ අනිත් අයටත්. එහෙම අයට මම සයිට් එකෙන් විශෙෂ දෙයකුත් දෙනවා.

                         ඔන්න ඕක තමා මගේ සයිට් එකට වුනෙත් අලුතෙන් වෙන්න යන්නෙත්. කොහොමහරි මම අද පෝස්ට් එක ලිව්වෙ Clickbank මුදල් ඉපයීම සම්ම්භන්දයෙන් කලින් පෝස්ට් දෙක කියවන්න බැරි උනානම් පරන සයිට් එකේ ෆීඩ් එකෙන් කියවන්න. මෙන්න - Internet Money in Sinhala මම Clickbank වලින් මුදල් හොයන ක්‍රමේගැන වැඩිදෙයක් සදහන් කරන්න බලා පොරොත්තු වෙන්නෙ නෑ, මොකද ඔක්කොම විස්තර විඩියෝ එකේ තියෙනවා. බලලා කැමතිනම් ලයික් එකක් දාල කමෙන්ට් කරන්න. විඩියෝ එක පල්ලෙහා තියෙනවා, බලන්න. බලන්න ඕනනම් මෙන්න යූටියුබ් ලින්ක් එක. Youtube -Clickbank in Sinhala



 


කොහොමද ? හොදද විඩියෝ එක, මම හිතනවා ඔයගොල්ලො මොනව හරි දෙයක් ඉගෙන ගන්නෙ ඇති කියලා. ප්‍රශ්නයක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන. මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා.

Read More...

Sunday, August 11, 2013

2 නව යුගයක ඇරඹුම : Design Your Battle Ground in Click Bank

Affiliate Marketing in Clickbank
හරි, ඔන්න කිව්ව විදිහටම ඉක්මන්ටම දාන්න බැරිවුනත් සතියක් විතර ගියාට පස්සෙ Clickbank  පලෙවෙනි පෝස්ට් එක ලියලා මේකත් ලියාගන්න පුලුවන් වුනා. පොඩ්ඩක් අමුතුයි වගේ නේද, මම කිව්වෙ පෝස්ට් ටයිට්ල් එක. ඔව්, මේකෙ ටයිට්ල් එකෙන් කියනවා වගේ අපි අද කරන්න යන්නෙ අපේ    යුද්දෙ කරන්න අවශ්‍ය ක්‍රියාවලිය මුලසිට අගටම දැන ගන්න එක. මතකනෙ ගිය සතිය යුද්දයක් හදා ගත්තා, දැන් ඉතින් ඒක ක්‍රියාත්මක කරන්න කලින් සැලසුම් කරගෙන සේනාව රැස් කරගනිමු.

ඊට කලින්, ඔයගොල්ලො Clickbank  ගැන මම ලිව්ව පලවෙනි පෝස්ට් එක කියව්වෙ නැත්නම් මෙන්න ලින්ක් එක ඒක කියවලා මූලික දැනුමක්   ගැන ගන්න.

පලමු ලිපියේ කියපු විදියට හැමදේම ලෑස්ති කරගන්න ඇති කියලා හිතනවා. ඉතුරු පියවර ටික විස්තර කරන්නම්.



  1. රෙජිස්ටර් වෙද්දි දුන්න නික් නේම් එකයි. පාස්වර්ඩ් එකයි දීලා ලොග් වෙන්න.දැන් කෙලින්ම එන්නේ ඔයාලගේ එකවුන්ට් සෙටින්ග්ස් පේජ් එකට.එහෙම නොවී පස්සේ ලොග් උනොත් එන්නේ එකවුන්ට් හෝම් එකට. Account settings කියන ටැබ් එක ක්ල්ක් කරලා පහල තියෙන වින්ඩෝව් එක ගන්න.

  2. Order Form Control කියන ටැබ් එකේ කියන එක ක්ලික් කරලා.ඔයාලට චෙක් එකක් එවන්න ඕනේ එමවුන්ට් එක සිලෙක්ට් කරන්න. උදාහරණයක් විදිහට ඔයා $50 ක් දැම්මොත් check එක එන්නේ ඩොලර් 50න්. නැත්නම් ඔයාට පුලුවන් පේයිපෑල් ඇඩ්‍රස් එක දෙන්න, ලන්කාවට පෙයිපෑල් ගන්න ඔයා දන්නෙ නැත්නම් මේ මගේ ලිපි පෙල කියවලා බලන්න.     


  3. දැන් Clickbank ගිනුමේ  Marketplace වෙතයන්න.                                       



  4. දැන් වම් පැත්තෙ තියෙන Categories  වලින් කැමති එකක් සිලෙක්ට් කරන්න, මම Games  සිලෙක්ට් කරා.

  5. ඒකෙදි ඔයාට පේනවා එත්න තියෙනවා Promote  කියලා බොත්තමක් ඒක මගින් තමයි අපි අපි තෝරගන්න ප්‍රඩක්ට් එක සෙල් කරනකොට අපි සෙල් කරා කියන අනන්‍යතාවය තබාගන්නෙ. ඒකට යන්න කලින් ඔයා ඔය ලින්ක් එක ඔබලා බලන්න. මම ඔබන්නෙ " Tycoon World Of Warcraft Gold Addon 


  6. එතකොට ඔයගොල්ලන්ව ඔයා Promote තෝරගන්න බඩුවෙ පේජ් එකට යයි.


  7. ඒ පේජ් එකේ යටට යනකොට Affiliates කියලා ලින්ක් එකක් ඇති ඒක ඔබන්න. ඒකෙන් තමයි අපි Promote කරන්න මේ තෝරගත්ත ප්‍රඩක්ට් එක  Promote කරන්න හොද ක්‍රමයක් තෝරගන්නෙ. eg : ( Banners / Ads/ Videos)

  8. මම තෝරගත්ත ප්‍රඩක්ට් එකේ Affiliates පේජ් එක මේ වගේ, 

  9. දැක්කනෙ පේජ් එක, ඒකෙ පල්ලෙහාට යනකොට එක එක තාලෙ බැනර්ස්, එහෙම තියෙනවනේ ඔන්න ඔය බැනර් එකක HTML කෝඩ් එකට අපේ  Clickbank ID එක දාල අපිට පුලුවන් වැඩේ කරගන්න. ඒ කියන්නෙ ඔය බැනර් එක ක්ලික් කරාම පාටකයා යන්නෙ අර ප්‍රඩක්ට් එක තියෙන සයිට් එකට , හැබැයි කව්ද එව්වෙ, අපි, ඒක ඒ ප්‍රඩක්ට් එක අයිති අයගෙ සටහන් වෙන්නෙ අපේ අර බැනර් එකේ HTML කෝඩ්  එකට Clickbank ID රින්ගෙව්වම.

  10. <a href=”http://xxxxxx.tycoonhq.hop.clickbank.net” ><img src=”http://www.manaview.com/images/tycoon/product_boxes/TycoonProductBox.png” width=”500″ height=”500″ /></a>
  11. ඔතන  " xxxxxx" කියන තැනට මගේ ඒ කියන්නෙ එක දනවා. හරියට මේ වගේ, 
    <a href=”http://dammi910.tycoonhq.hop.clickbank.net” ><img src=”http://www.manaview.com/images/tycoon/product_boxes/TycoonProductBox.png” width=”500″ height=”500″ /></a>

  12. ඊට පස්සෙ ඉතින් ඔයාට කැමති තැනක බැනර් එක දන්න පුලුවන්, ඔයාගෙ සයිට් එකේ, බ්ලොග් එකේ, නැත්නම් ඕන තැනක.

  13. මෙහෙම් බැනර් දානෙ නැතුව අපිට කෙලින්ම අපේ පාටකයාට ලින්ක් එක දෙන්න පුලුවන්, අන්න ඒ වැඩේට ඔයාට අර  Promote කියන බොත්තම එබුවම , පෙන්නන, ඔප්ශන් එකේ Create  ඔබලා එන ලින්ක් එක පාවිච්චි කරන්න පුලුවන්.

  14. කැමතිනම් ඔයාට පුලුවන් ඒ ලින්ක් එකම බැන්නර් එකේ ' href ' තැනට දෙන්න, මෙන්න මෙහෙම,
    <a href=”http://0d4d18bbs8gody5qb-1hx42w8h.hop.clickbank.net” ><img src=”http://www.manaview.com/images/tycoon/product_boxes/TycoonProductBox.png” width=”500″ height=”500″ /></a>


දැන් ඔයා ඔයාගෙ ලින්ක් එක හදා ගෙන ඉවරයි ප්‍රඩක්ට් එකට ඕන, එහෙනම් යුද්දය සැලසුම් කරලා ඉවරයි, ඊලගට තියෙන්නෙ හමුදා මුදා හරින්න අණ දෙන්න, ඒ කියන්නෙ මේ ප්‍රඩක්ට් එක විකුන ගන්නෙ කොහොමද කියලා,  අපි අණ දෙන හැටි ඊලග ලිපියෙන් ඉගෙන ගනිමු. එතකන් අණ දෙන ක්‍රම ගැන හිතන්න !

Read More...

6 නව යුගයක ඇරඹුම : Click Bank in Affiliate Marketing



Clickbank Affiliate Marketing

අද මම කතාකරන්න යන්නෙ ඊ-මනී වල අලුත්ම ෆීල්ඩ් එකක් එහෙම නැත්නම් පැත්තක් ගැන. සමහරුනම් මේ ගැන අහලමත් ඇති දැනට, කමක් නෑ, දන්න නොදන්න හැමෝටම එක්ක අද මම කියල දෙන්න යන්නෙ "Affiliate Marketing" වලට සම්බන්ද Clickbank සයිට් එක ගැන. මුලින්ම කියල ඉන්න එපැයි "Affiliate Marketing" කියන වචනෙ තේරුම.  "Affiliate" කියන්නෙ අනුබද්දිත කියන එකයි. දැන් බලමු අනුබද්දිත ව්‍යාපර මොනවද කියලා.
                         
                    සාමාන්‍යෙන් ඔයගොල්ලන්ට මේ අන්තර්ජාලයේ සැරිසරද්දී හම්බෙනවා වෙබ් හොස්ටින් සයිට්ස් ඒවගේම ඩොමේන් හොස්ටින් සයිට්ස් එහෙම. උදා : Hostgator , Go Daddyමේ සයිට් ව්ල තියෙනවා "Affiliates" එක ඒ කියන්නෙ ඔයාට මේ සයිට් එකෙන් දෙන ලින්ක් එක යටතෙ, කවෘහරි ඇවිල්ල ඒගොල්ලන්ගෙ( Hostgator , Go Daddy. ) මොකක් හරි පැකේජ් එකක් ගත්තොත් ඔයාට 10% - 30% කමිෂන් එකක් එනවා. මේ සයිට් ඒ වැඩේ කරන්නෙ ඒ ගොල්ලන්ගෙ ප්‍රදාන කාර්‍යට අමතරව. නමුත් Clickbank වගේ සයිට් හදලා තියෙන්නෙ "Affiliate Marketring" වලටමයි. ඒ කියන්නෙ අපි වගේ ඕන කෙනෙක්ට එතනට ගිහිල්ල කැමති බඩුවක් තොරගෙන ඒක ප්‍රචාරය කරන්න පුලුවන්. කවෘහරි අපේ ලින්ක් එකෙකන් ගිහින් ඒ බඩුව ගත්තොත්    අපිට 15% - 75% කමිෂන් එකක් හම්බෙනවා.
                               
                         දැන් ඔයගොල්ලන්ට පොඩි අවබෝදයක් ලැබුනනෙ මේ "Affiliate Marketing" ගැන එහෙනම් අපි  සයිට් එකේ රෙජිස්ට වෙන තැන ඉදන් වැඩ පටාන් ගමු.


  • http://www.clickbank.com/ වෙත පිවිස  Sign Up ඔබන්න

  • එවිට පහල පරිදි පිටුවක් ලැබේ





  • එහි 'Affiliates' යටතෙ කහ පාටට ඇති 'I have an Established Audience' වෙත මවුස් පොඉන්ටරය ගෙනගිය විට ඉහත රූපය පරිදි 'You need Clickbank for Affiliates' කොටුවේ දිස් වෙන අතර එහි,  'Learn More and Sign Up' ක්ලික් කරන්න.

  • ඊලගට ඔබ එලබෙන පිටුවේ යටටම ස්ක්‍රොල් කරගෙන ගියවිට  'Sign Up' බොත්තම ඇති. එය ඔබන්න.

  • දැන් ඔබ එන පිටුවේ පහත් පරිදි ඔබේ විස්තර පුරවන්න.(සත්‍ය තොරතුරු ඇසුරෙන්)






  • Your Account Information යටතේ,


  1. Nick name  එකට ඔබට ලෙහෙසියෙන් මතක තියාගන්න පුලුවන් ඔබේ නමක් දෙන්න. (එය තමයි ඔබේ ‍යූසර් නේම් එක, වගේම අනිත් අයට ඔයාව පේන නම- කෙටීකක් දෙන්න)

  2. Payee Name එකට ඔයාගෙ මුලුනම හරි බැන්කුවේ ගිනුමේ ඇතිනම හරි දෙන්න, මොකද චෙක් එක ආවම මුදල් විඩ්‍රෝව් කරගන්න පුලුවන් වෙන්නෙ එතකොට.

  3. ඊලගට ඔයා  ඇතුලත් කල ඊමේල් ලිපිනයට ලොග් වෙලා Clickbank ගිනුම සක්‍රීය කරන්න. ඔයාට  දීලා  තියෙන Nick Name එක හා Password එක මතක තබාගන්න, නැත්නම් කොහේ  හරි සටහන් කරගන්න. 


හරි දැන් ඉතින් ඔන්න අකවුන්ට් එකත් සෙටප් කරගත්ත, දැන් තියෙන්නෙ මේකෙන් කොමිස් ගන්න, හැබැයි ඒටික අහගන්න ඊලග පෝස්ට් එක වෙනකම් ඉන්න වෙනවා. 



කැමති අයට පුලුවන් මේ සයිට් එක Twitter වලදි Follow කරලා, මේකෙ මේලින්ග්  ලිස්ට් එකට Subscribe වෙලා මම සයිට් එකෙන් කියලා දෙන කරුනු, ගෙනල්ල දෙන අමතර කරුනු, රහස්,  ඉගෙනගන්න, Download කරගන්න.
Read More...