Saturday, May 16, 2020

0 Adsense ආදායම 10x වැඩිකරන Keywords : මුල සිට සරලව [Lesson 1]


Keyword එකක් කියන්නේ සරලව කිව්වොත් ඔයා වෙබ් සයිට් එකේ පලකල ලිපියෙහි හරි, YouTube විඩියෝවෙහි හරි අන්තර්ගතය හොඳින්ම විස්තර කරන වචනයක්.


What is a Keyword?


මොකක් හරි වෙබ් පිටුවක ඔයාගෙ වෙබ් අඩවිය ඉහල රෑන්ක් එකක්, Search Results වල ඉහලට ගෙන්න ගන්න ඕනිනම් ඒකට ඔයාට උදව්වෙන්න්නේ ඔය Keyword කියන සෙවුම් පදය. ඒ නිසා මිනිසුන් ගූගල් හෝ වෙනත් සෙවුම් යන්ත්‍රවල එ Keyword එක හෝ Search Term/Phrase එක සොයන විට, ඒගොල්ලන්ට ඔයාගේ වෙබ් සයිට් එක ඒකෙ හම්බෙන්න පටන් ගන්නවා. ඒ නිසා හොඳ ට්‍රැෆික් එකක් වෙබ් සයිට් එකට එනවා.



ඔයාගෙ Site එක ලිපියක් ලියන්න හරි, යූටියුබ් වීඩියෝ එකක් හදන්න පටන්ගන්නකොට හරි  Keyword එකක් ඔයාට තෝරගන්න වෙනවා (නිකං හිතන්න ප්‍රධාන මාතෘකාවෙ හරය කියලා) එහෙම තෝරගන්න කොට ඔයා මේ කරුණු තුන පිළිබඳව අනිවාර්යෙන්ම සැලකිලිමත් වියයුතු වෙනවා


    1. ඔයාගෙ ලිපි හරි වීඩියෝ හරි මිනිස්සු දකින්න ඕනි මොනවගැන සර්ච් කලොත්ද ?
    2. ඔයාගේ ලිපිය වගේ කරුණු හොයන්න මිනිස්සු මොන වගේ වචන භාවිතා කරයිද, සර්ච් කරයිද කියල ඔයා හිතන්නේ ?
    3. එහේම් සර්ච් ටර්ම් එකක් ගැහුවම එන අනුමාන පද (related search results) මොන වගේ වෙයි කියලද ඔයා හිතන්නේ ?


අපි නිතරම ‘Keyword’ යන වචනය භාවිතා කලා; හැබැයි මේකෙන් අදහස් වෙන්න්නෙ නෑ,  එය එක් වචනයකින් පමණක් සමන්විත බවයි. ගොඩක් වෙලාවට Keyword එකක් වචන කීපයකින්, දෙක තුනකින්  සමන්විත වෙනවාඒ නිසා Keyword ගැන කතා කරන විට, බොහෝ විට අපි අදහස් කරන්නේ එක් වචනයක් වෙනුවට වාක්‍ය ඛණ්ඩයකි.



Why are Keywords Important?


පිටුවක් ශ්‍රේණිගත කිරීමේදී Google Search Engine එක බලන එක් කරුණක් වන්නේ එම පිටුවේ අන්තර්ගතයයි. එය පිටුවේ ඇති වචන දෙස බලයි. ඔබ භාවිතා කරන වචන Google Web Crawlers සඳහා ඉඟි වේ; Keywords ගූගල් සහ වෙනත් සෙවුම් යන්ත්‍රවලට ඔයාගේ පිටුව, වීඩියෝ හෝ සටහන ගැන කියයි. එබැවින් ඔයගේ ලිපියෙ ලියලා තියෙන දේ ගූගල් එකට හරියට තේරුම් ගන්න ඉඩ සලස්වන්න ඕනි නම් , ඔබ Keyword/Phrase බොහෝ විට භාවිතා කළ යුතුය.


                නමුත් Keyword වැදගත් වීමට එකම හේතුව Google Page rank නොවේ. ඇත්ත වශයෙන්ම, එය අඩු වැදගත්කමක් දරයි, ඇත්තටම ඔයා සැමවිටම Reader කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඔබේ අමුත්තන් සහ අනාගත සේවාදායකයින් වෙත. SEO සමඟ ඔබට අවශ්‍ය වන්නේ යම් Keyword එකක් හෝ Phrase එකක් භාවිතා කරන විට පුද්ගලයින් ඔබේ වෙබ් අඩවියට පිවිසීමයි. ඔයාගේ රීඩර්ස්ලගේ ඔළුව ඇතුලට ගිහින් (Think about what they will think) ඒගොල්ලො මොනවගේ වචන භාවිතා කරයිද කියලා හිතලා ඒවගේ ඒවා ඔයාගේ ලිපියෙ හරි වීඩියෝ එකේ හරි යොදා ගන්න පුලුවන්.



How to Use Keywords Correctly?


පළමුවෙන්ම හා ප්‍රධාන වශයෙන්, ඔබේ අන්තර්ගතය කියවීමට පහසු වීම ඉතා වැදගත් වේ. ඇත්ත වශයෙන්ම, ඔයා ඔයාගේ අන්තර්ගත්යේ Keywords භාවිතා කළ යුතුය, නමුත් සෑම වාක්‍යයකම ඒවා පුරවන්න එපා. පොදුවේ ගත් කල, ඔබගේ පිටපතෙහි ඇති සියලුම වචන වලින් 1 හෝ 2% ඔයාගේ Keywords නම්, ඔයා ඒක ඉක්මවා ගිහින් නෑ. ඒවා සියල්ලම ඔයාගේ Content එක පුරා හොඳින් බෙදාලා තියාගන්න කටයුතු කරන්න. ඔයා තෝරගත්ත ඔක්කොම Keywords එකම ඡේදයක් ඇතුලේ දාන්න එපා. ස්වාභාවිකවම ඒවා ඔබේ පිටුව හෝ සටහන පුරා පැතිරෙන්න ඉඩහරින්න. ඔයාගේ ලිපියේ වචන ගාන අනුව හෝ හදන වීඩියෝ එකේ දිග අනුව Keyword ටයිට්ල් එකට අමතරව තව මයිනර් ටයිට්ල්ස් වල හෝ වීඩියෝ එක මැද පාවිච්චි කරනවද කියලා හිතලා බලන්න ඕනි. එය ඔබගේ  මාතෘකාව, පළමු ඡේදය සහ ඔබේ Meta Description තුළ භාවිතා කරන්න.




                දැන් ඕගොල්ලන්ට Keyword කියන්නේ මොකද්ද කියලා මූලික අදහසක් තියෙනවා කියලා මම හිතනවා. මම වීඩියෝ එකකුත් කරලා දාන්නම්. ඊලඟ පෝස්ට් එකෙන් High Competition, Low Competition Keywords කියන්නේ මොනවද වගේම High Paid, Low Paid Keywords කියන්නෙ මොනවද කියලත්, වීඩියෝ එකකින් වැඩිම මුදලක් උපයගන්න පුලුවන් Keywords හොයාගන්නේ කොහොමද කියලත් පෙන්වන්නම්.

0 comments:

Post a Comment




Related Posts Plugin for WordPress, Blogger...