Tuesday, October 18, 2016

0 Slicethepie නැවතත් ශ්‍රී ලංකාවට : Slicethepie in Sinhala


බොහෝ දෙනා විමසුව නිසා මම Slicethepie ගැන නැවත ලියන්න හිතුවා. හැමෝම දන්න විදියට Slicethepie ඉස්සර වගේ ලංකාවට දැන් වැඩ කරන්නෙ නෑ. මම හිතන විදියට ඒක දැන් වැඩ කරන්නෙ ඇමරිකාව, යුරෝපය සහ ඕෂනියාවට යි. කෙසේ වෙතත් මෙම ලිපියෙදි මම බලාපොරොත්තු වෙන්නෙ Slicethepie වල ලංකාවෙ අපිට වැඩ කරන්න පුලුවන් විදියට වැඩ සකසා ගන්නෙ කොහොමද කියලත් Slicethepie වල අලුතින් එකතුවුනු මුදල් ඉපයීමට පහසු ක්‍රම මොනවද කියලත්.

             ප්‍රථමයෙන් කිවයුතුයි, වර්තමානයේ දීනම් මට මෙම කිසිවක් ප්‍රායෝගිකව කිරීමට ඉඩප්‍රස්තාවක් නෑ, මම ඔබට ඉදිරිපත් කරනුයේ මම අධ්‍යනය කල තොරතුරු වලට අදාලව මම මුල් පියවර වල් අත්හදා බැලීමෙන් අනතුරුව සාර්ථකවූ ක්‍රමෝපායන්ය.





  • Slicethepie හි නව අංගයන්

  1. Fashion  Reviewing : Fashion Designers ල ඩිසයින් කරපු ඇදුම්, මෝස්තර සහ රටා ඔවුන් අපේ අදහස් දැන ගැනීම සදහා මෙම වෙබ් අඩවියට දමයි. අප එහිදී කලයුත්තේ එම ඇදුමෙහි පින්තූර දෙස බලා මෙය කුමන දේවල් යොදාගෙන නිමවා ඇත්තැයි ද, ඒ වගේම ඩිසයින් එක ගැලපෙනවද, ඇදුම ගැන අප සිතන්නේ කුමක්ද, අපි පාරිබෝගිකයන් වුවහොත් මෙය මිලදී ගන්නවාද යන්නැයි.


  2. Mobile Product Reviewing : ජංගම දුරකතන සදහා විවිධ උපාංග ඩිසයිනර්ස්ල විසින් නිර්මානය කර අපේ අවංක අදහස් දැනගැනීමට අදහස් කරයි. මෙහිදී අප කලයුත්තේ එම රූප දිහා බලා මෙය ඇත්තටම පාරිබෝගිකයින්ට ප්‍රයෝජනවත් වන්නේද, එසේ වේනම් ප්‍රයෝජනය වැඩිකරගත හැකි ක්‍රම තියේද, මෙහි දැකුකළු බවක් ඇත්ද, මෙය මිලදීගැනීමට පාරිබෝගිකයන් පෙලබෙන්නේදැයි කියා ඔබේ අවංක අදහස් ඉදිරිපත්න්කිරීමයි.


  3. Lucky Dip : මෙහිදී සිදුවනුයේ ඉහත සදහන් කල වර්‍ග තුනෙන් එකක් අහඹු ලෙස අපට ඔවුන් review කිරීම සදහා ලබා දීමයි. මෙම ක්‍රමය මගින් අපට එකම වර්‍ගයක් review කිරීමෙන් ඇතිවිය හැකි අලස බව සහ විඩාව මකා දැමීම ඔවුන්ගේ අදහස වේ.


  4. Star Rating :  මෙය පෙර තිබුනද, වැඩිදියුනු කර ඇත. මෙහිදී අපව ඩිසයිනර්ලා විසින් rate කරයි. එනම් අප ඔවුන්ගේ නිමැවුම් ගැන කොතෙක් දුරට විස්තරාත්මකව නිවැරදිව ලබාදුන්නේද යන්නැයි. ඔබේ star rating එක වැඩිවෙන විට ඔබට bonus ලෙස වැඩියෙන් මුදල් ලැබේ.


  5. Standard $, Bonus $$ and Max $$$ : මෙයින් අදහස් කරනුයේ විවිධ category වල ප්‍රමුඛතාවය අනුව ගෙවන මුදල් ප්‍රමානය වැඩිවෙන බවයි.  



Slicethepie අප මතක තබාගතයුත්තේ Slicethepie වලින් මුදල් ලබාගත හැක්කේ Paypal හරහායි. එම නිසා Paypal කර්ත්ව්‍ය ගැන අවිශ්වාස නම් මෙය කිරීමට උනන්දු නොවන්න. මන්දයත් Malaysian විදියට හදපු Paypal Accounts දැන් Detect වෙනවා. එම නිසා Paypal Accounts Create කිරීමට අලුත් ක්‍රමයක් අවශ්‍යයි.

Slicethepie ලංකාවට ගැනීම සම්බන්දයෙන් කතාකිරීමේදී එය කරන්නේ තවත් වෙබ් අඩවියක් උදව් කර ගැනීමෙනි. ඒ ක්‍රමේ මම පැහැදිලිව කියාදී යුතු බැවින් ඊලගට එන ලිපියේදී විස්තරාත්මකව එය කියාදීමට බලාපොරොත්තු වෙමි. එතෙක් සුභ දවසක්.



0 comments:

Post a Comment




Related Posts Plugin for WordPress, Blogger...