Sunday, August 11, 2013

1 Let the blossoms to be bloomed : Mylot වල කුට්ටිය වැඩිකරගමු




පොරොන්දු වුන විදිහට ඔන්න මම ආයෙත් ඕගොල්ලො හමුවෙන්න අවේ මයිලොට් එක්ක. මම මගේ ඊ-මනී කරන කාලයේ දැකපු දෙයක් තමයි  ගොඩක් අය මයිලොට් කරන්න පැනගෙන එනවා, ඒත් දවස් තුන හතරකින් වැඩේ අල්ලලා දානවා. අපේ කට්ටියට ඉවසීම නෑ නෙ, ඒකයි අපේ අයට රටක් විදිහට දියුනුවෙන ගමනෙත් යන්න අමාරු. කොහොමහරි මම අද ආවෙ දේශපාලනයට බහින්න නෙවෙයි. මයිලොට් වලින් ඔයාට වැඩියෙන් සල්ලි හම්බ කරගන්නෙ කොහොමද කියලා කියල දෙන්න.

මම මයිලොට් ගැනකල පලවෙනි සාකච්චාව ඔයගොල්ලො කියෙව්වෙ නැත්නම් මෙතනින් කියවන්න.Chat කරල සල්ලි හොයමු : Mylot සිංහලෙන් දැනගන්න

මුලින්ම කියන්න ඕන මයිලොට් වලිදී ඔයා Discussions අරඹන  වලට හරි ඔයා රිප්ලයි කරපු වලට හරි ලැබෙන සල්ලි හම්බෙන්නෙ දවසක් විතර ගියාට පස්සෙ. එහෙනම් පල්ලෙහ තියෙන කරුණු කියවල බලලා මයිලොට් ආදායම x5 කරගන්න.


  •  ඔබ කොටන දෙය ඔබට අනුභව කිරීමට වෙයි
මේ කියන්නෙ මොන බයිලයක්ද ? හැබැයි ඉතින් බයිල අහන්හිටියොත් දවසක බයිල ගහන්න පුලුවන් වෙයි. ඒ වගේම තමයි වී වැපිරුවොත් වී ලැබෙනවා, තල වැපිරුවොත් තල ලැබෙනවා. ඔයා මයිලොට් වලදි පටන් ගන්න සාකච්චා වලටයි ඔයා රිප්ලයි කරන සාකච්චා වලටයි විතරයි ගොඩක් අය මුලදිම වරද්දගන්න තැනක් තියෙනවා. ඒ තමයි හිතනවා  තමන් පටන් ගත්ත සාකච්චා වලටත් අනිත් අය රිප්ලයි කරාම සල්ලි හම්බෙනවා කියලා. ඒ ක සම්පූර්ණ අසත්‍යක් ඒ නිසා ඒ මත් යැපෙන්න එපා. ඔයා කරන වැඩ වලට තමයි ඔයාට ගාන හම්බෙන්නෙ.


  •   ප්‍රමාණය සහ වටිනාකම
ඔයා සාකච්චාවක් ආරම්භ කරොත් ඒ සාකච්චාවට අදල දේවල් වගේම පසුභිමත් පොඩ්ඩක් පැහදිලි කරන්න. හැබයි මාතෘකාවෙන් පිට පනින්න එපා. පුලුවන් තරම් ඔයා පටන් ගත්ත සාකච්චාවලයි රිප්ලයි කරනකොටයි විස්තරාත් මකව අදාල වෙන විදිහට දිගට ලියන්න. පොඩි විස්තර වලට හම්බෙන ගාන අඩුයි. මම කරන එක අකවුන්ට් එකක $ 0.35 තියෙනවා. මම ඒක හෙව්වෙ සකච්චා 6 කින්. 
ඉතින් සමාන්‍යෙන් ගත්තොත් එකකට $0.04 - $0.20 හම්බෙනවා. මට හම්බෙච්ච වැඩිම ගානනම් $0.10 මහන්සි උනොත් දවසට සාච්චා 5කුයි රිප්ලයි 20 දැම්මොත් සමාන්‍යෙන් $(0.09x6)+ ($0.06x20)= $0.54 + 1.20 = $1.74 දවසට. ඒ ඉතින් මම දැම්මෙ කම්මැලිම එකෙක් මයිලොට් කරොත් මම නම් දවසට සමාන්‍යෙන් $5 - $8 විතරහොයන්න පුලුවන් මට්ටමේ ඉන්නෙ. මම දන්න මයිලොට් ටිකක් සිරාවට කරන එකෙ ඉන්නවා ඌ මාසෙට  $ 200 - $ 450 හොයනවා.


  • නියම තැනට නියම ඇනේ ගහන්න
මේකෙන් මම කියන්නෙ ඔයා කරන සාකච්චාව අනුව අවශ්‍ය දේවල් සකස් කරගන්න කියලා. ඒ කියන්නෙ ප්‍රශ්නයක් අහනකොට හරි පිළිතුරු දෙනකොටහරි ඒවට පින්තූරත් දැම්මම ලැබෙන ගාන දෙගුණ වෙනවා. ඒක හින්ද ඒ ක්‍රමෙත් අමතක කරන්න එපා.


  • නීතියට වැඩකරන්න
ඔයා මොනව කරත් මතක තියාගන්න ඕන මයිලොට් වල නීති පිලිපදින්න. ගොඩක් අය කරන දෙයක් තමයි තමන්ගෙ රෙෆරල් ලින්ක්ස් සාකච්චාවල දාන එක. ඒකනම් කරන්න එපා. මොකද මයිලොට් ඔය වැඩේට කැමතිත් නෑ ඔයා එහෙම කරගමන් ඔයාගෙ ගිනුම තහනම් කරයි. අනික මයිලොට් වලදි වෙබ් සයිට් වල ලින්ක්, ඊ-මේල් ලින්ක් වගේ ඒ වත් පෝස්ට් කරන්න එපා.


  • ටැග් කරමු ටාස්ක් කරමු
මේ වෙබ් අඩවියෙත් ටාස්ක් කරන්න පුලුවන්. මම මුල්ම දවස්වල ටාස්ක් කරලා විතරක් දවසට $2ක් විතර හොයාගත්තා. ඒත් දැන් මම ටාස්ක් හදනවා. මගේ පොඩි පොඩි වැඩ කරගන්න ඕන වුනාම පොඩි ටාස්ක් එකක් හදලා භාරදෙනවා. ඒ වගේම තමයි අපි සාකච්චාවක් ලියලා ඉවර උනාට පස්සෙ හරි රිප්ලයි එකක් ඉයලා ඉවර උනාට පස්සෙ හරි ඒක සුදුසු නමකින් ටැග් කරන්න ඕන එත්කොට වැඩේ තව ගොඩ.


  • හැමදාම වගේ රෙෆරල්ස්ලා හොයමූ
ඔයා මේකෙ මතක තියාගන්න ඕන දෙයක් තියනවා. ඔයාත කාගෙ හරි රෙෆරල් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්න. කැමතිනම් මගේයටතෙ උනත් කමක්නෑ. නැත්නම් මයිලොට් ගැන හොදට දන්න කියන කෙනෙක් ලග රෙජිස්ට වෙන්න. ඊට පස්සෙ ඔයාටත් උදව් ගන්න පුලුවන් වෙයි. මම නම් මගේ රෙෆරල්ස්ලට ඕන වෙලාවක නොමිලේ උදව් කරනවා. ඒ කෙන් පස්සෙ ඔයාට පුලුවන් ඔයාගෙ ලින්ක් එක පවිච්චිකරලා වෙනදා වගේ රෙෆරල්ස්ලා හදාගන්න. 25% කම්මිශන් එකක් ඔයාලට ඔයාගෙ රෙෆරල්ස්ලගෙන් හම්බෙනවා.
                  


                        ඔන්න ඔය ටික තමයි මම මයිලොට් ගැන ඔයාලට කියල දෙන්න හිටියෙ. තව අලුත් වැඩ ටිකක් මයිලොට් ගැන දැන ගත්තොත් ඒවත් කියලා දෙන්නම්. කෝකටත් මගේ ලිස්ට් එකට Subscribe වෙන්න එතකොට අමතර කරුනුත් දැනගන්න පුලුවන් වෙයි. කම්මෙන්ට් එකකුත් පෝස්ට් එක ගැනයි, ඔයාල්ගෙ ප්‍රශ්න ගැනයි දාල යන්න.

1 comment:

  1. Add click වලින් සල්ලි හොයන කට්ටියට හොඳ newa 1ක්. මේ site එකේ තියන්නෙ ඇත්තටම සල්ලි ගෙවන හොර බොරු නැති sites ටිකක්. ගිහිල්ලම බලන්න. http://allgenuineptcsites.blogspot.com

    ReplyDelete




Related Posts Plugin for WordPress, Blogger...