Saturday, June 6, 2020

0 How to use High Competition & Low Competition Keywords Correctly : ආදායම වැඩිකරන Keywords [Lesson 2]


මුලින්ම මං ඔයගොල්ලන්ට පැහැදිලි කළ දෙන්න යන්නේ මොකක්ද මේ high competition and low competition keywords කියන්න කියලා. ඒ අවබෝධය ඔයාට ගොඩක් උපකාරී වෙනවා ඔයාගේ වෙබ් සයිට් එකට හරි බ්ලොග් එකට හරි සුදුසුම keywords මොනවද කියලා තීරණය කරන්න සහ වෙබ් අඩවිය ගොඩක් දෙනා අතර ප්‍රචලිත කර ගන්න.


ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක් තමයි හොඳම keywords තෝරගන්නේ කොහොමද කියන එක. මටත් ඔය ප්‍රශ්නේ මුල් කාලෙදි තිබ්බා. සමහරක් දෙනා මේ keywords කියන දේ ගැන හරියට නොදැන එච්චර තැකීමක් නොකර keyword research tools භාවිත කරනවා. 
         
                    වෙන්නේ මොකද්ද දන්නවා ද high competition, low compitition, high paying, low paying, ad index, keyword volume වගේ විශ්ලේෂණාත්මක දත්ත වල සංකලනයන් සමග පැටලිලා කී වර්ඩ් රිසර්ච් එක අත ඇරලා දානවා. ඒක හරිම අපරාධයක්. 

keyword research tools කියන්නේ හරියට පාවිච්චි කළොත් මම ටයිට්ල් එකේ කියලා තියෙනවා වගේ adsense ආදායම දහගුණයක් නෙමෙයි පනස් ගුණයකටත් වඩා ඕනේ නම් වැඩි කරගන්න උදව් කරන මෙවලමක්. ඉතිං ඒක නිසයි මේ ලිපි මාලාව මම ලියන්න හිතුවේ. පලවෙනි ලිපියෙන් ඕගොල්ලන්ට මම මූලික අදහසක් ලබා දුන්නා keywords ගෙන. ඒ නිසා දැන් බලමු high competition, low competition keywords කියන්නේ මොනවාද කියලයි ඒව අපි ආදායම වැඩි කරගන්න නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද කියලා.


High Competition Keywords


Advertisers ලා තමන්ගේ වෙබ් අඩවියෙන් සපයන සේවාවන් වැඩි පිරිසකට සපය ගන්න හරි තමං විකුණන භාණ්ඩයක් නියතවශයෙන්ම මිලදී ගනියි කියලා සිතන පාරිභෝගිකයන් පිරිසක් ඉලක්ක කරගන්න හරි භාවිත කරන keywords වලට තමයි high competition keywords කියන්නේ. අපි උදාහරණයකින් මේක තේරුම් ගමු

Affiliate marketing ගැන සර්ච් කරොත් google keyword planner එකේ අපිට ඊට සම්බන්ධ keyword ideas රාශියක් හම්බෙනවා. ඒ අතර මට හම්බෙච්ච ටිකක් පහල photo එකේ තියෙනවා. 

                     ඕගොල්ලන්ට එකේ බැලුවොත් පේනවා 'Affiliate' කියන වචනය පමණක් මූලික වෙච්ච keywords වල competition එක Low කියලා. ' affiliate 2019, rakuten affiliate, travelstart affiliate' වගේ keywords වල. හැබැයි ඔයගොල්ලන්ට බැලුවොත් පේනවා 'automated affiliate marketing software' කියන්නේ high competition keyword එකක්. හේතුව තමයි ඒ keyword එක marketing වලදී advertisers ලාට හොඳට sales ගෙනල්ල දෙන keyword එකක් වෙන එක. ඒක ගොඩක් broad නැහැ ඒක specific & narrow.


ඔයගොල්ලන්ට පේනවා ඇති bid එකත් වැඩියි කියලා සාමාන්‍යයෙන් high competition keywords වල.


Use of High Competition Keywords


මම මුලින් කිව්ව වගේ high competition keywords භාවිත කරන්නේ ගොඩක්ම ad campaigns වල. තමන් විකුණන දේට ගොඩක් සේල්ස් ගන්න තමයි ඒ. මම පොඩි දෙයක් ඕගොල්ලන්ට මෙතනදි පැහැදිලි කරන්නම්. 

                අපි හැමෝම දන්න google ads පල කරන්නේ google adwords වලින්. adwords වලට සම්බන්ධයි double click කියලා ad module එකක්. මේක හරහා පුළුවන් auction ads පළ කරන්න. ඒ කියන්නේ ලංසු තියලා ඉහළම ලංසුවට ad rankings වල ඉහළම රෑන්ක් එක දෙනවා. මේ rank එක ගන්නකොට සලකන ප්‍රධාන දෙයක් තමයි advertiser කෙනෙක් එක click එකට කොපමණ මුදලක් ගෙවන්න සූදානම් ද යන වග. 

අපිට සරලව බැලුවොත් තේරුම් ගන්න පුළුවන්, ඉහල මුදලක් bid කරන කෙනාට ඉහල රෑන්ක් එකක් හම්බෙනවා. එතකොට වෙන්නේ high compitition keywords තියෙනවනේ, ඒ keywords තියන වෙබ් සයිට් වල ප වෙන්නේ ඉහල රෑන්ක් එකක් ගත්ත advertiser ගෙ ads. ඔය high competition keywords තියෙන්නෙ ගොඩක්ම ඉහළ ගණයේ වෙබ් අඩවි සහ බ්ලොග් වල. ඒවට එන ට්‍රැෆික් එක්ත් වැඩියි වගේම Quality ට්‍රැෆික් එකක් එන්නෙ. ඒ කියන්නේ භාණ්ඩයක් හරි සේවාවක් හරි මිලදී ගන්න වැඩි නැඹුරුතාවක් දක්වන ට්‍රැෆික් එකක් තමයි ඒ සයිට් වලට එන්නෙ. ඒක නිසා තමයි advertisers ලා ගොඩක් ඒ සයිට් වල තමන්ගේ ads පළ කර ගන්න උත්සාහ කරන්නේ. ඉතින් එතැනදී ඇතිවන තරගයේ දී මූලික ස්ථානයක් ලැබෙන්න තමන් වියදම් කරන ගාන බලපානවා. 

                අපිට මේ high paying keywords වැදගත් වෙන්නේ අපේ site එකටත් quality traffic එනවනං. එතකොට අපේ සයිට් එකේ අර ad පල වෙන සම්භාවිතාව වැඩි වෙනවා. එතකොට අපිට ලැබෙන ad CPC අගයන් වැඩි වෙනවා ගොඩක්. නමුත් අපි ඉහළ ගණයේ වෙබ් අඩවි හිමිකරුවෙක් නෙමේ නම් high paying keywords අරමුණු කරගෙන ලිපි ලිවීම ගොඩක්ම සාර්ථක වෙන සම්භාවිතාව අඩුයි. 


Low Competition Keywords


Low competition keywords කියන්නේ අඩු තරඟකාරිත්වයක් ඇති keywords වලට. හේතුව තමයි ad campaigns run කරන marketers ල මේ keywords භාවිතා නොකිරීම. වෙන කිසිම හේතුවක් නෑ. නමුත් මේවා වටිනාකමක් නැති keywords නෙමෙයි. ඔයා අලුත් blogger කෙනෙක් නං, අලුතින් සයිට් එකක් ලියනවා නං ඔයාට ගොඩක් ම වැදගත් වෙන්නේ මේ low competition keywords. ඔයා SEO ගැන සැලකිල්ලක් දක්වනවා නම් ඒ වගේම SERP (Search Engine Result Pages) තුළ ඔයාගේ සයිට් එක මුල් rankings වලට ගේන්න ඕනේ නම් ඔයා focusකරන්න ඕනි මෙ low competition keywords. බොහෝ වෙලාවට low competition keywords වලට තියෙන search volume එක ගොඩක් වැඩියි. ඒ නිසා ඒව ෆෝකස් කළා ඔයා ලිපි ලිව්වා ඔයාගේ site එකට එන traffic එක වැඩි.


Tip : හැමවිටම උත්සාහ ගන්න ඔයාගේ niche/industry එකට අදාල low competition keywords භාවිතා කරන්න. ගොඩක් ලොකුවට generalize වෙන keywords නැතුව ඔයාගේ content එක specify වෙන keywords භාවිත කරන්න.


Use of Low Competition Keywords


Low competition keywords තමයි Search engine results තුළ rankings ගන්න තියෙන මූලිකම විදිය. ඕගොල්ලන්ට ඒව target කරලා rankings වගේම ඔයාගේ ඕඩියන්ස් එකත් වැඩි කරගන්න පුලුවන්. ඔයාට අලුත් බ්ලොග් එකක් තිබ්බත් website එකක් තිබ්බත් ඒක රෑන්ක් වල උඩට ගන්නයි මිනිස්සු අතර ප්‍රචාරය කර ගන්නයි ඕනි නම් low competition keywords වලින් පටන් ගන්න. ඒක තමයි හොඳම organic විදිහ ඔයාගේ වෙබ් සයිට් එකේ ඕඩියන්ස් එක වැඩි කරගන්න. එහි වගේම ඔයා සයිට් එකට අදාල SEO හරියට කරොත් ඔයාට high-ranking keywords වලත් rankings තුළ ඉබේම උඩට එන්න පුළුවන්. low competition keywords වල හොඳ රිසල්ට් ආපු හැටියේ ඔයාට පුළුවන් high competition keywords focus කරමින් ඔයාගේ හැකියාවන් තවත් වැඩි දියුණු කර ගන්න.

            අවසාන වශයෙන් ලියන්න තියෙන්නේ මේ High Competition & Low Competition keywords පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබා ගැනීම ඔයාගේ සයිට් එක SEO තුළ හොඳ ප්‍රතිඵල ළඟා කර කර හේතු වෙනව වගේම ඔයා ගන්න පුළුවන් මුදල් ප්‍රමාණයක් සැලකිය යුතු ලෙස වැඩි වෙනවා. අදට ලිපිය මෙතනින් නවත්වනවා. ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න පහලින් comment කරන්න. ඊලග ලිපියෙන් තවත් ටිකක් ගැඹුරට සහ ඉදිරියට අපි මේ ගැන හදාරමු.

0 comments:

Post a Comment




Related Posts Plugin for WordPress, Blogger...