Music Distributors ල ගත්තම AWAL, Horus Music, CDBaby, DistroKid, Tunecore, Amuse සහ RouteNote කියන්නේ ඉතා ප්‍රසිද්ධ ආයතන. මේ අතරින් මම සදහන් කරපු සියලු අවශ්‍යතා සඳහා ඉතාම යෝග්‍ය වන්නේ RouteNote.

උඩින් සදහන් කරපු ආයතන සමඟත් මම ගිණුම් විවෘත කරලා කටයුතු කර තියෙනවා. විවිධ අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන අතර, ඒ අතරින් අපිට ආරක්ෂිතයි කියලා නිගමනයකට එන්න පුළුවන් RouteNote. ඕගොල්ලෝ මේ RouteNote, භාවිතා කරල පුරුදු උනාට පස්සේ අවශ්‍ය නම් වෙනත් music distributors ලග සේවාවන් ද ලබාගෙන බලන්න පුළුවන්.
RouteNote වල Register වීමට : Link
RouteNote වල වාසි කිහිපයක් මං පහතින් සඳහන් කරන්නම්.
- කිසිම මුදලක් නොගෙවා අපිට සේවාව හැමදාට ම ලබාගැනීමට හැකිවීම. (Free of Charge)
- ඕනෑම කෙනෙක්ට ලියාපදිංචි වීමට හැකි වීම
- US Withholding Tax එකක් රඳවා නොගැනීම
- මුදල් නිසි කලට ගෙවීම, වංචා නොකිරීම
- ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමකට ම අපේ මුදල් ගෙන්වාගත හැකි වීම
ඉහත ලින්ක් එක භාවිතයෙන් ගිණුම සෑදීමෙන් අනතුරුව, ඕගොල්ලන්ට පහසුවෙන් පුළුවන් වීඩියෝ වල පෙන්වා ඇති ආකාරයට ඕගොල්ලන්ගෙ සින්දුව ප්‍රචාරණය කරගන්න. ඕනෑම මාසෙක ඔබ හම්බ කරන මුදල ඉතිරි දවස් 45 ඇතුළත, ඔබේ ගිණුමට බැර වේ. $50 ක් ඉක්මවූ පසු පහසුවෙන් ඔබට ලංකාවට මුදල ගෙන්වාගැනීමට හැකිවේ.




Hi! I am Dulshan, a Pro Blogger, an E-money Guider for the those who need. I have created both Internet Money in Sinhala and Blogging Industries and currently runs them. Helping to the People who struggle to make money from the Internet is the cause which motivate me in creating the Site.
0 comments:
Post a Comment