Monday, August 26, 2013

3 ලිවීමේ කලාවෙන් සල්ලි හෙවීමේ කලාව - iWriter


ඉංග්‍රීසි කියන්නෙ අපි ලාංකිකයන්ගේ දෙවනි බස. ඒත් අන්තර්ජාතික වශයෙන් ඒ බස තමයි වැඩියෙන්ම භාවිතාවන්නේ. ශ්‍රි ලංකාවෙ අපේ කොල්ලොන්ට තියෙන ලොකුම අවුල ඔය ඉංග්‍රීසි. හැබැයි ඉතින් ඉංග්‍රීසි ටිකක් හොදට දැන ගත්තනම් ගොඩම තමයි. අපේ කොල්ලොන්ට හොද අදහස් තිබ්බට ඇඩ්සෙන්ස් එහෙමත් හෙනේට හිටින්නේ ඔය ඉංග්‍රීසි හින්දනේ.

             මම අද ඔයගොල්ල්න්ට ඉංග්‍රීසි උගන්නන්න නෙමෙයි මේ ආවෙ, අලුතෙන් සයිට් එකක් ගැන කියලා දෙන්න. සමහර අයනම් දන්නවත් ඇති මේ ගැන , මේ සයිට් එකේ නම iWriter මේකෙදි ඔයගොල්ලන්ට කරන්න තියෙන්නෙ ඉංග්‍රීසියෙන් ලිපි ලියලා මුදල් ගරන්න. වැඩේ කොහොමද වෙන්නෙ කියලා මම කියලා දෙන්නම්කෝ.


How to earn money from iWriter



 iWriter  හි  වැඩ  සිදුවන  පිළිවෙල

               iWriter සයිට් එක කියන්නෙ Freelancer සයිට් එකක්. ඒකෙදි ඔයගොල්ලන්ට කරන්න තියෙන්නෙ ඉංග්‍රීසියෙන් ලිපි ලිවීමයි. මේකෙදි සිද්දවෙන්න, කට්ටියක් ඉන්නවා ලිපි අවශ්‍ය. ඒගොල්ලන්ගේ සයිට් වල පල කරගන්න. ඉතින් අපි තමයි ලිපි ලියන්නෙ. ලිපි අවශ්ය අය මේ සයිට් එකෙන් අපිව හොයාගෙන අපිට කියන්වා මෙච්චර ගානක් ගෙවනවා මේ වෙලාව ඇතුලත මට මේ ලිපිය ලියලදුන්නොත් කියලා. ඉතින් අපිත් ඒක කරාම සල්ලි මිටිය සාක්කුවේ. එක ලිපියකට ඒගොල්ලො $ 2 - $ 25  හෝ ඊටත් වැඩියෙන් ගෙවනවා. මේ සයිට් එකෙන් මුදල් ගන්න පුලුවන් පෙයිපෑල් හරහා. හැමදාම කියනවා වගේ පෙය්ප්පේල් ගිනුමක් ලංකාවට සල්ලි ගන්න විදියට හදන්න දන්නෙ නැත්නම් මෙන්න ගිහින් බලන්න. Paypal in Sinhala



 ලිපි  ලිවීමේදී  සැලකිලිමත්  වියයුතු  කරුණු



ලිපියක් ලියන කොට අපිව, Writers ඒ කියන්නෙ ලියන අයව කාණ්ඩ තුනකට බෙදලා තියෙන්නෙ, 


  1. Elite
  2. Premium
  3. Standard


ඒ කාණ්ඩ තුනයි. Elite අයට ගොඩක් මුදල් ගෙවන ලිපි ලියන්න අවස්තාව හම්බෙන්වා.

ලිපි ලියද්දී ලියන්න ඕන වචන ගනන්ක් තිබෙනවා. ඒ වචන ගන්නට හෝ එය මදක් පන්න ලිවිය හැක. ඒ වගේමයි ලිපිය ලියනකොට දීලාතියෙන Keywords පාවිච්චි කරන්න ඕන.  Keywords  කිව්වට අලි ලොකු දෙයක් නෙමේ. ඒක පොඩ්ඩක් පේන විදියට පස් හය පාරක් පෝස්ට් එකේ පාවිච්චි කරන්න.

          ලිපියක් ලියන්න නිශ්චිත වේලාවක් දීලාතියෙනවා. ඒ වේලාව ඇතුලත ලිපිය ලිඅයන්න ඕන. බය වෙන්න එපා වෙලාව ඉහටත් උඩින් ඇති අපිට ඕක ලියන්න. අන්තිම කරුණ තමයි කොයි වෙලාවකවත් වෙන කොහෙන්හරි ලිපි කොපි කරන්න එපා. සයිට් වලින් හෝ කොහෙන්වත්. ඔයාගෙම අදහස් ලියන්න. නැත්නම් Copyscape ෆේල් උනොත් සොරිම තමයි.  ලිපි ඕන කියලා ජොබ් එක දාපු කෙනාට පුලුවන් අපි ලිව්ව ලිපි හොද නැත්නම් රිජෙක්ට් කරන්න. එතකොටත් ඉතින් සොරිම තමයි. අනික මතක තියාගන්න Copyscape තුන් පාරක් ෆේල් වුනොත් ගිනුම අත්හිටුවනවා. හැබැයි එතකොට සොරි නෙමෙයි සොරි.com

එහෙනම් වැඩේට පොඩ්ඩක් ඔලුව දාල බලමුද ?


  • සයිට් එකට ගිහින්  රෙජිස්ට වෙන්න,  මෙන්න  iWriter

  • ඊලගට ලොගින් වෙලා  යූසර් නේම් එක ක්ලික් කරාම සෙටින්ග්ස් හදන්න පුලුවන්. ඒ සෙට්ටින්ග්ස් වල ඔයාගෙ පෙයිපෑල් ලිපිනය එහෙමත් දෙන්න.

  • ලිපිය ලියන්න 'Write Article' ක්ලික් කරන්න


    How to write an article in iWriter


  • ඊලගට  කැමති මාතෘකාවක්, කරන්න පුලුවන් දෙයක් තෝරගෙන ඒකෙ වම් පැත්තේ තියෙන එකතු කිරීමේ ලකුන ඔබන්න. එතකොට ඩ්‍රොප් ඩව්න් මෙනු වක් ඇදෙයි. මම කලින් කියපු කාරණ ඒකෙදි ඔයාට බලාගන්න පුලුවන් වෙයි. කලින් කියපු දේවල් අනුව කටයුතු කරන්න. 


    Article writing in iWriter


  • Write Article කියන එක ඔබලා ලියන පිටුවට ගියාම ඒ කෙ වෙලාව යනවා පෙනෙයි. ඒ වගේමයි අපි ලියන වචන ගනනත් කවුන්ට් වෙනවා. ඔක්කොටම කලින් එතන දීලා තියෙන ' Project instructions ' කියවන්න. ඒකතමයි වැදගත්ම.

  • ඔක්කොම කරලා,කියවලා , ලිව්වට පස්සෙ සෑහීමකට පත්වෙනවනම් 'Submit' ඔබන්න.

මේ සයිට් එක ගැන බයවෙන්න දෙයක් නෑ, මොකද මේක ගෙවන සයිට් එකක්. තව දෙයක් ඔයගොන්ට ගූගල් එකේ සර්ච් කරල ඒවගේම තව සයිට් වලත් සර්ච් කරලා ලිපිය ලියන්න කරුණු ගන්න පුලුවන්, ඒත් ඒක එහෙම්මම ලියන්න එපා. අදහස විතරක් අරන් නිර්මාණශීලීවෙන්න.


3 comments:

  1. http://adf.ly/hKKoC

    meka aniwaren salli hambena site ekak
    karanna tynne ekollo dena site wala register wela user name eka dena eka witarai
    boru ewa dunnoth account eka suspended wenawa
    paypal ekath verified wela tynna one
    mase hama sadudama salli hambenawa

    ReplyDelete
  2. මගේ බ්ලොග ට එකෙක්වත් මාසයක් ගිහිල්ලත් ආවේ නෑ නෙ බන් .දුකේ බෑ බන් පොඩ්ඩක් ප්‍රසිද්ධ කරලා දෙන්න පුලුවන්නම් පිංසිද්දවෙනවා.මෙන්න බ්ලොග
    sinhalacyberpissa.blogspot.com

    ReplyDelete
  3. Make Money Online අන්තර් ජාලයෙන් මුදල් උපයන්නේ කෙසේද? Free WordPress Installation Service. වර්ඩ් ප්‍රෙස් නොමිලේම පිහිටුවා දීමේ සේවය. ඔබගේ බ්ලොග එක ප්‍රසිද්ධ කරලා දෙන්න මෙතන්ට එන්න kotipathimanasa.com

    ReplyDelete




Related Posts Plugin for WordPress, Blogger...